වුල්වරීන්ගේ සමුගැනීම: ’ලෝගන්’



මාවල් චිත්‍රකතා වීරයකු ලෙස හොලිවුඞ් රිදී තිරයට ආ ‘වුල්වරීන්’ගේ චරිතයට 2001 වසරේ සිට මේ දක්වා පණ පෙව්වේ ඕස්ටේ්‍රලියානු හොලිවුඞ් නළු හියු ජැක්මන්ය.

48 හැවිරිදි හියු ජැක්මන් මේ වනවිට සමේ පිළිකාවකට ද ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටී. වුල්වරීන්ගේ චරිතය ඇතුළත් ‘ලෝගන්’ චිත්‍රපටය ලබන මාර්තු 3 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතය.

තමා අවසන් වරට ‘ලෝගන්’ චිත්‍රපටය හරහා වුල්වරීන්ගේ චරිතය නිරූපණය කරන බව හියු ජැක්මන් පවසා ඇත්තේ ඉතා හැඟීම්බරව යැයි ද වාර්තා වෙයි. ‘ලෝගන්’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ දා හියු ජැක්මන්ගේ දෑස් කඳුළින් තෙත් වුණැයි මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 

(මේල් ඔන්ලයින්)


RECOMMEND POSTS