ලොව ’දිගම’ එල්ලෙන පාලම



මීටර 500 (අඩි 1,640) පමණ වන ලොව 'දිගම' එල්ලෙන මගී පාලම ස්විට්සර්ලන්තයේ දී විවෘත කෙරිණි.

කඳු නගින්නන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදි කෙරුණු පාලම පිහිටා තිබෙන්නේ ට්සෙයාර්මාට් නගරය ආසන්නයේය.දිගින් මීටර 494 වන 'යුරෝපා පාලම' ලෙස නම් කර ඇති එය පිහිටා තිබෙන්නේ පොළොව මට්ටමින් මීටර 85 දක්වා වූ උසකිනි.

ට්සෙයාර්මාට් සංචාරක මණ්ඩලය කියා සිටියේ යුරෝපා පාලම ලොව දිගම පාලම වුවත් ඔස්ට්‍රියාවේ Reutte පළාතේ පිහිටි දිගින් මීටර 405 වන එල්ලෙන පාලම පොළොව මට්ටමේ සිට මීටර 110 උසින් පිහිටා ඇති බවය.

මීට පෙර තිබූ පාලම මතට ගල් පෙරලීම නිසා හානි සිදුව ඇති අතර ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් එහි අලුතින් පාලමක් ඉදිකිරීමට පියවර ගනු ලැබුවේ ඉන් අනතුරුවය.

අලුතින් ඉදිකළ පාලම සඳහා යොදා ඇති ලෝහ රැහැන්වල බර ටොන් අටකි.පැද්දීමෙන් වළකා ගත හැකි ක්‍රමවේදයක් භාවිත කර පාලම නිර්මාණය කර ඇති බව ට්සෙයාර්මාට් සංචාරක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS