බිලියන 83 ක් වටිනා රුධිර ප්ලාස්මා



4,000 ක් පමණ COVID-19 න් සුව වූ දකුණු කොරියාවේ සභාවේ  සාමාජිකයන්, සුව කිරීම සඳහා ඩොලර් බිලියන 83 ක් වටිනා රුධිර ප්ලාස්මා පරිත්‍යාගයක් ප්‍රකාශයට පත් කරයි.

දකුණු කොරියාව පදනම් කරගත් ආගමික කණ්ඩායමක් වන සින්චොන්ජී යේසු සභාව පැවසුවේ COVID-19න් ආසාදනය වී සුව වූ සභාවේ සාමාජිකයින් 4,000 කට වැඩි පිරිසක් නව ප්‍රතිකාර ක්‍රමයක් සංවර්ධනය කිරීම සඳහා රුධිර ප්ලාස්මා පරිත්‍යාග කිරීමට කැමති බවයි.

එක්සත් ජනපදයේ වර්තමාන තක්සේරු වටිනාකමට අනුව රෝගීන් 4,000 ක් තනි තනිව මිලි ලීටර් 500 ක් බැගින් පරිත්‍යාග කරන්නේ නම් මුලු රුධිර වටිනාකම ඩොලර් බිලියන 83 ක් පමණ වනු ඇත." රුධිරය පරිත්‍යාග  කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ රෝගීන් 200 කින් පමණක් COVID-19 සඳහා ඖෂධයක් සංවර්ධනය කිරීම වේගවත් කිරීම දුෂ්කරය.  සින්චොන්ජි සභාවේ සුවය ලැබූ රෝගීන්ගේ විශාල පරිත්‍යාගය මගින් රුධිරය නොමැතිකම පිළිබඳ ගැටළුව විසඳනු ඇති බව "දකුණු කොරියාවේ ජෛව ඖෂධ සමාගමක් වන ග්‍රීන් ක්‍රොස් ෆාමා හි නිලධාරියෙකු පැවසුවේ ය. 

මේ වසරේ මුල් කාර්තුවේදී, වේගවත් ලෙස වෛරසය පැතිරීම දකුණු කොරියාවේ දේගු හි සභාවේ සාමාජිකයින්ට බලපෑ අතර, සභා සාමාජිකයන් ආසාදනය වීමට පෙර චීනයෙන් විශාල ලෙස පැමිණි පුද්ගලයන්  පිළිබඳ මතභේදයත් සමඟ අර්බුදයේ මුල් සලකුණු දක්නට ලැබුණි. 

සින්චොන්ජි සභාවේ නිර්මාතෘ මාන් හී ලී මහතා පැවසුවේ සභාවේ සාමාජිකයින්ට ස්වේච්ඡාවෙන්ම රුධිර ප්ලාස්මා පරිත්‍යාග කරන ලෙස උපදෙස් දී ඇති බවයි.  “යේසුස් වහන්සේ සිය රුධිරය ජීවනය සඳහා පූජා කළ මෙන්, මිනිසුන්ගේ රුධිරයෙන් වර්තමාන තත්වය මඟහරවා ගැනීමට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” ලෙස ලී මහතා පැවසීය. 

“අපි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා පරිත්‍යාග සඳහා විස්තර සහිත සැලැස්මක් ස්ථාපිත කිරීමට උත්සාහ කළා.  යථා තත්ත්වයට පත් වූ සමහර සාමාජිකයින් මේ වන විටත් තනි තනිව පරිත්‍යාග කර ඇති අතර රජයේ සහ වෛද්‍ය කණ්ඩායම්වල සහයෝගයට ස්තූතිවන්ත වෙති.  ඔවුන් ප්‍රකාශ කලේ සමාජයට දායක වීමට කැමැති ලෙසය ”යැයි සභාවේ නිලධාරියෙක් පැවසීය. 

දකුණු කොරියාවේ සමහර පළාත් පාලන ආයතන විසින් සභාවට එරෙහිව නඩු පවරනු ලැබුවේ සභාවේ පහසුකම් සහ සාමාජිකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව ඉදිරිපත් නොකිරීමෙන් සභාව බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවට චෝදනා කරමිනි. 

“සින්චොන්ජි විසින් අස්ථානගත කළ හෝ වෙනස් කළ ලැයිස්තු සැපයූ බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත.  සුළු වෙනස්කම් පමණක් පැවතුනි, ”සෞඛ්‍ය උප අමාත්‍ය කිම් කැන්ග්-ලිප් පැවසීය.  සින්චොන්ජි සහ COVID-19 පිළිබඳ අධ්‍යයන පර්යේෂණවලින් කියැවුණේ, එම සභාව“දකුණු කොරියානු සාමාජිකයින්ගේ ලැයිස්තුවක් ඉල්ලා සිටි දිනට, දින හයකට පසු එය ලබා දී ඇති” බවත් රජය දේපල වෙළඳාම් ලැයිස්තුව ඉල්ලා සිටි විට “වසා දැමූ පහසුකම් සහ දේපළ ඇතුළත් කළ යුතුද යන්න මුලින් පැහැදිලිව සඳහන්ව තිබූ නැති” බවත්ය.  

සින්චොන්ජි මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් කියා සිටියේ සභාව රජයේ ආයතනවල පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

දකුණු කොරියාවෙන් තහවුරු වී ඇති රෝගීන් 12,535 ක් සහ COVID-19 මරණ 281 ක් වාර්තා වී තිබේ.

නුවන් විමලරත්න
දකුණු කොරියාවේ සිට ලියයි


RECOMMEND POSTS