බ්‍රිතාන්‍යයේ රැකියා රොබෝවරුන්ට ?



වසර 2030 වන විට බ්‍රිතාන්‍යයේ රැකියාවලින් තුනෙන් එකක් දක්වා ප්‍රමාණයකට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය බලපානු ඇති බව නව අධ්‍යයනයක් මගින් හෙළි වී ඇත.

කෙසේවුවද, ඇතැම් රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද එම රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි නොවනු ඇති බවත් PWC විගණන ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එමෙන්ම නව තාක්ෂණයේ දියුණුවත් සමග ආර්ථිකයේ වෙනත් ක්ෂේත්‍ර තුළ නව රැකියා උත්පාදනය වනු ඇති අතර, නව වත්කම් නිර්මාණය කෙරෙනු ඇති බවත් එහි සඳහන්වේ.

නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමට ලක්වන්නේ නිෂ්පාදන සහ වෙළඳ ක්‍ෂේත්‍රයේ රැකියා බව ද අධ්‍යයන වාර්තාවෙන් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ දැනට පවතින රැකියාවලින් 30% ක් ස්වයංක්‍රීය කරණය හේතුවෙන් දැඩි අවදානමකට ලක්වන බව එම අධ්‍යයනය මගින් තක්සේරු කෙරේ.

දැනට පවතින රැකියාවලින් ඇමරිකාවේ 38%ක් ද ජර්මනියේ 35%ක් සහ ජපානයේ 21% ක් මෙසේ අවදානමට් ලක් වී තිබේ.

PWC ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ ජෝන් හොක්ස්වර්ත් බීබීසීයට පැවසුවේ පහසුවෙන් පරිගණකගත කළ හැකි දැනට දෑතින් කරන රැකියා මෙහිදී වඩාත් අවදානමට ලක්විය හැකි බවය

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි

 


RECOMMEND POSTS