බ්‍රිතාන්‍ය වෙළද ඇමති රනිල් ජයවර්ධන



ලොව පංච මහා බලවතුන් අතරේ ලැයිස්තුගතව සිටිනා බ්‍රිතාන්‍යයට මේදිනවල උදා වී ඇත්තේ එතරම් යහපත් කාලයක් නොවේ. ලොව ප්‍රබල ආර්ථිකයක් පවතිද්දී කොරෝනා  වසංගත තත්ත්වය නිසා හෙම්බත්ව සිටින බ්‍රිතාන්‍යයට දිනෙන් දින උග්‍රවන ආර්ථික අර්බුදයන්ද නිමක් නැත.

එසේ වුනද සිය පුරවැසියන් වෙනුවෙන් සිය උපරිම සාධාරණත්වය ඉටු කිරීමට එරට අගමැති බොරිස් ජොන්සන් සෑදී පැහැදී සිටින්නේය.

එලෙස සිය ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අගමැති ඉකුත් සතියේ අපූරු තීන්දුවක් ගත්තේය.ඒ එරට ජාත්‍යන්තර වෙළද අමාත්‍ය ධූරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා  එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබීමත් සමගය.

බ්‍රිතාන්‍ය  අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් ඉකුත් 06 වඅනිදිප දින මෙම පත්කිරීම සිදු කර ඇතැයි ද සදහන් වේ. ඔහුව එම තනතුරට පත් කිරීමට අගමැති බොරිස් ජොන්සන් කටයුතු කරනු ලැබුවේ එම ධුරය දැරූ කොනර් බර්න්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි.

බොරිස් ජොන්සන්ගේ සමීපතම සගයෙකු වන එක්සත් රාජධානියේ වෙළඳ ඇමති කොනෝර් බර්න්ස් මහජනතාව බිය ගැන්වීමට උත්සාහ කළ බවට වන චෝදනා හේතුවෙන්  ජයවර්ධන මහතා අඟහරුවාදා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීමට අගමැති ජොන්සන් තීන්දු කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දින හතක අත්හිටුවීමක් හේතුවෙන් බර්න්ස් මහතා සඳුදා සිය ධුරයෙන් ඉවත්ව ගියේය.

⁣පක්ෂ අර්බුද තිබියදී රටේ ජනතාවත් ආර්ථිකයත් පමණක් ගැන සිතූ අගමැති ජොන්සන් විසින් සිදු කල මෙම පත්කීරීම ලාංකාවට අභිමානයක් වනුයේ බ්‍රිතාන්‍යයේ නව වෙළද අමාත්‍යවරයා ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් වීම හේතු කොට ගෙනය.

රනිල් ජයවර්ධන මහතාගේ මෙම නව තනතුර සම්බන්ධයෙන් ට්විටර් මාධ්‍ය ජාලය ඔස්සේ ඔහුට  පැතුම් එක් කිරීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයද අමතක නොකලේ එහෙයිනි.

 ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේ සැප්තැම්බර් 3 වැනිදාප බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.

මේවන විටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හී උපාධිධරයෙකුද වේ.

වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හෙතෙම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරියෙකුව කටයුතු කළේය.හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කළේය.

මහජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සංවේදී වෙමින් එරට දේශපාලනයේ නිරතවන්නෙකු ලෙසින් අතිශය ජනප්‍රිය හෙතෙම ප්‍රසිද්ධිය වෙනුවෙන් කිසිදු මහජන සේවයක් නොකරන්නෙකි.

රනිල් ජයවර්ධන මහතා ගේ පියා වන හොරණ අගුරුවාතොට පදිංචි ව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති අයෙකු වේ.ඔහුගේ මව ඉන්දීය ජාතික ඉන්දිරා ජයවර්ධන  වේ. ඔහුට සහෝදරයකු හා සහෝදරියක්ද සිටිති.
රනිල් ජයවර්ධන මහතා දෙදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් රොබර්ට්ස්  බ්‍රිතාන්‍ය ජාතික නීතීඥවරියක සමගිනි.

2015 වසරේ පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බ්‍රිතාන්‍යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැදුණු වදිමින් ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඔහු, ප්‍රතිවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ග්‍රැහැම් බෙකරල්ට (Graham Cockarill) වඩා ඡන්ද 29,916 ලබා ගත් අතර ග්‍රැහැම් කොකරිල්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 5657 ක් පමණි.කම්කරු පක්ෂයෙන් තරඟ කළ අමරාන් හුසේන් (Amran Hussain) ඡන්ද 5290 ක්ද රනිල් ජයවර්ධනට වර්ගවාදී තර්ජනයක් එල්ල කළ යුකිප් හෙවත් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයේ රොබර්ට් බ්ලේ (Robert Blay) හට ලබා ගනීමට හැකි වුයේ ඡන්ද 4732 කි.

2015 වසරේ සිය පළමු ජයග්‍රහණය සම්බන්ධයෙන්  අලුයම හතරට ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කළ රනිල් ජයවර්ධන පැවසුවේ, “මෙය බ්‍රිතාන්‍යයට වැදගත් රාත්‍රියක් ඊටත් වඩා උතරු පලාතට වැදහත් රාත්‍රියක්” යනුවෙනි.

ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා නැවතත් ඉකුත් වසරේ දෙසැම්බර් පැවතිප බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූයේපඒ පිටපිට තෙවැනි වතාවටත් සිය ආසනය ජය ගනිමිනි.බොරිස් ජොන්ස්න් නායකත්වය දෙන කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන රනිල් ජයවර්ධන මහතා ඊසාන දිග හැම්ප්ෂයර් (North East Hampshire) ආසනය නියෝජනය කරමින් 2015 වසරේදී පළමු වරට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2017 වසරේදී පැවති මැතිවරණය ජය ගැනීමට ද ඔහු සමත් විය.

මෙවර මැතිවරණයේදී රනිල් ජයවර්ධන මහතා ඡන්ද 35,280 ක් ලබාගෙන තිබේ. ඔහු පසුගිය 2017 මැතිවරණයේදී ඡන්ද 37,75 ක් ලබා ගැනීමට සමත් වූ අතර මෙවර ඡන්ද ප්‍රතිශතය මදකින් අඩු වීණි..2017 මැතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ ලේබර් පක්ෂයේ බැරී ජෝන්ස් ලබා ගත්තේ ඡන්ද 9,982 ක් පමණි. කෙසේ වෙතත් මෙවර ලේබර් අපේක්ෂකයා අභිබවා යමින් ලිබරල් ඩිමොක්‍රටික් අපේක්ෂක ග්‍රෙහැම් ‍කොකරිල් ඡන්ද 15,069 ක් ලබාගෙන තිබේ. බැරී ජෝන්ස් මෙවර ලබා ගත්තේ ඡන්ද 5,760 ක් පමණි.

ලංකාව  පිළිබඳ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන ඉකුත් 2018 වසරේ දී පත්වීම් ලැබුවේ  එවකට එරට අගමැනිය ලෙස කටයුතු කළ තෙරේසා මේ මහත්මිය  ගෙනි.එය ජයවර්ධන මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගත කල වසර තුනක කෙටි කාලය තුල සිදුවු දේශපාලනික හැරවුම් ලක්ෂය විණි.

එම නව තනතුරත් සමග එරට කැපී පෙනෙන චරිතයක් වූ හෙතෙම  2018 වසරේ ජනවාරි මාසයේදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග මෙරට දින පහක නිල සංචරයක නිරත වූ අතර එහිදී එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවූයේය.

ලංකාව පිළිබඳ සර්වපාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති ලෙසල  එරට කන්සර්වේටිව් පක්ෂයේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මන්ත්‍රි රනිල් ජයවර්ධන මහතා කටයුතු කළේය.  පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස ශ්‍රී ලංකාව සමග සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ.

 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම. ආර්ථික සංවර්ධනය. විශේෂ සංවර්ධන ව්‍යාපෘති. විදේශ වෙළෙඳාම් වැනි ක්‍ෂේත්‍රවල ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතැයි එම නියෝජිත පිරිස එහිදී පැවසුහ.  නව තාක්ෂණය. රැකියා ප්‍රවර්ධනය සහ අධ්‍යාපන අවස්ථා වඩාත් ඵලදායි කර ගැනීමට දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම එහිදී රනිල් ජයවර්ධන මහතා එවකට ජනාධිපති ⁣මෛත්‍රීපාල සිරිසේන මහතා හට පෙන්වා දුන්නේය.

හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ ඔවුන්, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවත්නා සබඳතා ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කළේය.එයට අමතරව රනිල් ජයවර්ධන මහතා ඇතුළු දූත පිරිස එවකට අගමැති රනිල් වික්‍රමසිංහද හමුවී තිබේ. ඔවුන් හා විපක්ෂනායක ආර් සම්බන්ධන් අතර සක්ච්ඡාවක් ද පාර්ලිමේන්තුවේදී සිදුවූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.ඔවුන් යාපනය සහ ගාල්ල ප්‍රදේශයන්හි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මෙන්ම වෙළෙඳ හා ආයෝජන යන ක්ෂේත්‍ර කෙරෙහි මෙම කණ්ඩායමේ අවධානය යොමුව ඇතිබව විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය.

රනිල් ජයවර්ධන මහතා ඇතුළු  මන්ත්‍රී කණ්ඩයාම කොළඹ ඉදිවෙන මුල්‍ය වරාය නගර ව්‍යාපෘති භූමියේ ද සංචාරයක නියැලුණු අතර, එහි ඇති ආයෝජන අවස්ථා පිළිබඳව අදාළ චීන සමාගමේ නිලධාරීන් සමග ද සාකච්ඡා කරනු ලැබීය  දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සහ වාණිජ මණ්ඩලයේ නිලධාරීන් සමග ද රනිල් ජයවර්ධන මහතාපමෙම මන්ත්‍රී කණ්ඩයාම සාකච්ඡා කරනු ලැබුවේය.

කෙසේ වෙතත් ලෝකයේ නමක් දිනා ගත් ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්  අතර අඩු වයසින් බැබලුණ අයෙක් වූයේ නම් ඒ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළද නව අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා පමණකි.

සටහන
තිළිණි ද සිල්වා

RECOMMEND POSTS