නෙළුම් කුලුන ගැන දන්න නොදන්න දේ



දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන 'නෙළුම් කුලුන' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නවයෙන් පසුගිය 16 වැනිදා නිල වශයෙන් විවෘත විය.

කොළඹ අහස සූරන ගොඩනැගිලි අතරට එක්වුණු නෙළුම් කුලුනේ ඉදිකිරීම් ඇරැඹුණේ චීන සමාගමක් සහ ශ්‍රීලාංකික ඉන්ජිනේරුවන්ගේ ද එකමුතුවෙනි. කුලුන ඉදිකිරීමේ කටයුතු ඇරැඹුණේ 2012 සිටය.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. ප්‍රධාන වශයෙන්  රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ ස්ථානයක් ලෙස මෙම කුලුන භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද කුලුන සමන්විත වෙයි

නෙළුම් කුලුනේ ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණයක් ලබාදීමට කටයුතු කළේය. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් වැඩසටහන යටතේ ඒ සඳහා ගිවිසුම්වලට අත්සන් කෙරුණි. 

ඒ අනුව,  චීනයේ ‘එක්සිම්’ බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය කෙරුණි.  නෙළුම් කුලුන මගින් ලැබෙන ආදායමෙන් වසර 40 කින් එම ණය මුදල ගෙවීමට සැලැසුම් සකස් විය. දින 912 කුලුන ඉදිකර අවසන් කිරීමට සැලැසුම් කර තිබුණත්, එය කළ නොහැකි විය.


RECOMMEND POSTS