නම ’අකැප’ ඇෆ්ගන් කතුන්



කාන්තාවන්ගේ නම ප්‍රසිද්ධියේ හඬනැගීමෙන් වැළකී සිටිය යුතුය යන්න ඇෆ්ගනිස්තාන සමාජය තුළ පවතින සම්ප්‍රදායකි.

පවුලේ වැඩිහිටි පිරිමින් විසින් සාමාන්‍යයෙන් කාන්තාවන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ අම්මා, දුව හෝ සහෝදරිය ලෙස පමණි. කාන්තාවකගේ නම භාවිත කිරීම නොසතුටට මෙන්ම ඇතැම්විට අපහාසයක් ලෙස ද සැළකේ.

රොයිටර්ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි ඇෆ්ගනිස්තානයේ නීතියට අනුව දරුවෙකුගේ උප්පැන්න සහතිකය තුළ මවගේ නම සඳහන් නොකළ යුතුය.නමුත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිනියෝ පෙළ ගැසෙමින් සිටිති.

#WhereIsMyName (මගේ නම කෝ?) හෑෂ් ටැගය භාවිත කරමින් ඔවුන් සමාජ ජාල තුළ කාන්තා ව්‍යාපාරයක් දියත් කරමින් කියා සිටී.එම කාන්තා ව්‍යාපාරයට එක්ව සිටින බහාර් සොහෙලි නැමැත්තිය  'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වෙත අදහස් දක්වමින් කියා සිටයේ මෙය ක්ෂණික ඇරඹුමක් පමණක් වන බවය.මේක තමන්ගේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ඇෆ්ගන් කාන්තාවන් හමුවේ පැන නැගෙන ප්‍රශ්නයක්" යනුවෙන් පැවසුවාය.

"යථාර්ථය නම් කාන්තාවනුත් මේ පිළිබඳ නිහඬව සිටීමයි. ඔවුන් ඊට විරෝධය පළ කරන්නේ නැහැ"කාබුල් අගනුවර වෙසෙන නජ්ලා  නැමත්තියක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියාය.අපට මෙවැනි අන්ධ විශ්වාස උරුම වෙලා තිබෙන්නේ අපේ වැඩිහිටි පරම්පරාවෙන්. තමන්ගේ බිරිඳගේ නම කීම ගැන ලජ්ජාවට පත් වන පිරිමිත් ඊට හේතුව දන්නේ නැහැ. වැඩිහිටියන්ට අනුව යමින් එසේ කළ යුතුයි කියා ඔවුන් හිතනවා යැයිද ඇය කියා සිටියාය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS