ට්‍රම්ප්ගේ බීස්ට්



ලොව ආරක්ෂිතම වාහනය යැයි සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මෝටර් රථයයි.

‘කැඩිලැක් වන්’, ‘ද බීස්ට්’, ‘ලිමොසින් වන්’, ‘ෆස්ට් කාර්’ යන නම්වලින් හඳුන්වන මෙම මෝටර් රථය ‘ස්ටේජ්කෝච්’ නම් කේත නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙම මෝටර් රථය එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල රථය යන නිල නාමයෙන් ද හැඳින්වේ.

වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙනුවෙන් නිෂ්පාදිත නව මෝටර් රථය මේ වනවිට එහි අවසන් පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි ද ඉදිරියේදී ධවල මන්දිරය වෙත ලබාදීමට නියමිත යැයි ද බි්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩොනල්ඞ් ට්‍රම්ප් වෙනුවෙන් නවතම රථයක් නිෂ්පාදනය කර ඇති අතර පෙර පැවැති නිල රථවලට බොහෝ සෙයින් සමාන බව පැවසේ. සුඛෝපභෝගී රථ දෙකක වඩා දිගින් යුතු  ජනාධිපති ට්‍රම්ප් සඳහා නිර්මාණය කර ඇති රථය ද පෙර නිල රථ මෙන් සුදු සහ කළු වර්ණවලින් වර්ණ ගන්වා ඇත. එම නිසා ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් නිපදවන ලද රථයේ අලුත් විශේෂාංග මොනවාදැයි හඳුනාගැනීම අපහසු යැයි ඬේලිමේල් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඇමෙරිකා ජනාධිපතිවරුන් සඳහා නිපදවන නිල රථ බෝම්බ ප්‍රහාරවලට මුහුණ දීමට හැකි ඒවා වන අතර ට්‍රම්ප් සඳහා නිපදවන ලද රථය ද යුදමය මෙන්ම ඕනෑම රසායනික ප්‍රහාරයකට ප්‍රහාරයකට මුහුණ දිය හැකි අයුරින් නිර්මාණය කර ඇත.

නවතම රථයේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.2ක් එනම් ආසන්න වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1.5ක් වෙයි. මේ ආකාරයෙන් මෝටර් රථ 12ක් නිර්මාණය කර ඇති බව පැවසෙන් අතර ඇමෙරිකා ජනාධිපතිවරයා විදේශ සංචාරවල නිරත වෙද්දි මෙම රථ ලොව පුරා රැගෙන යයි.     සමස්ත මෝටර් රථ සමූහය නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 15ක ආසන්න මුදලක් වැය වනු ඇතැයි පැවසේ.

මෝටර් රථය මෙන්ම මෝටර් රථයේ වීදුරු ද වෙඩි නොවදින වීදුරු වන අතර වත්මන් මෝටර් රථය මෙන් නිපදවන ලද මෝටර් රථය ද අවසානයේදී කළු සහ රීදි පාටින් වර්ණ ගැන්වීමට නියමිත බව පැවසෙන අතර තවමත් මෝටර් රථයට අවසන් අනුමැතිය ලැබී නැතැයි වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ජෙනරල් මෝටර්ස්’ සමාගම මෙම මෝටර් රථය නිෂ්පාදනය කර ඇති බව වාර්තා වුවත් එය නිශ්චිත නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිපදවන ලද නව මෝටර් රථය ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය දිනයේ බාරදීමට නියමිතව තිබුණ ද මේ මස අවසානයේදී එය ධවල් මන්දියර බාර දෙනු ඇතැයි පැවසේ.

විවාදයකින් තොරව ලොව ආරක්ෂිතම රථය ලෙස සැලකෙන්නේ මෙම රථයයි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙනුවෙන් නිපදවන මෙම රථය ටොන් අටක් බර වන අතර එහි දොරවල් යකඩින් නිමවන අතර අගල් අටක ඝනකමකින් යුතුය. එය බොයිං 757ක ගුවන් යානයක් හා සමානය. එමෙන්ම මෙම රථය ජෛව සහ රසායනික ප්‍රහාරවලට මුහුණ දිය හැකි අයුරින් මුද්‍රා තබා ඇත.

මෙම රථයේ ඉදිරිපස වීදුරුව ඕනෑම වර්ගයේ උණ්ඩයකට මුහුණ දිය හැකි අයුරින් නිමවා ඇති අතර බාහිර ව්‍යුහය යුදමය ලෙස නිර්මාණය කර ඇති අතර අගල් පහක ඝනකමකින් යුතුය. රථයේ ඉන්ධන ටැංකිය පිපිරුම්වලට ඔරොත්තු දෙන අයුරින් නිමවා ඇති මාර්ගයකදී සිදුවන බෝම්බ ප්‍රහාරයකට ද ඔරොත්තු දිය හැකි අයුරින් නිමවා තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය සේවයේ ප්‍රමිත සහ තත්ත්ව මෙන්ම ඔවුන්ගේ උපදෙස් මත නිපදවන ජනාධිපතිවරයාගේ රථය තුළ හදිසි අවස්ථාවකදී යොදාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ රුධිරයට සමාන රුධිරය ද ගබඩා කර ඇත.

මෙම රථයේ ටයර් ‘කෙව්ලර්’ වර්ගයෙන් සාදා නිම කර ඇති අතර ටයර්වලට ප්‍රහාර එල්ල වී ඇති අවස්ථාවක වුවද වාතය නොමැතිව, රථය ධාවනය කිරීමට මෙම ටයර් උපකාරී වෙයි. මෙම රථය තුළ හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා පතොරම් තුවක්ක-ු සහ තවත් ආයුදවලින් සමන්විත වන බව පැවසේ.

මෙම රථයේ ඉදිරිපස රාත්‍රී පෙනීමට උපකාරී සංවේදක සහිත කැමරා සවි කර ඇති අතර ඩීසල් රථය සඳහා භාවිත කරන ඉන්ධන වර්ගය වේ.
ද බීස්ට් නමින් හඳුන්වන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල මෝටර් රථය අධි තාක්ෂණික රථයක් වන අතරම ඕනෑම අවස්ථාවකදී උප ජනාධිපතිවරයා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය හා සම්බන්ධ විය චන්ද්‍රිකා දුරකතන මෙම රථය තුළ වෙයි. එපමණක් නොව මෙම රථය රොකට් ප්‍රහාරයකට ද ඔරොත්තු දෙන පැවසෙන අතර රථය සුවිශේෂී අංග සමහරක් ප්‍රසිද්ධියට පත්ව නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි යුද ප්‍රහාරයකදී භාවිත කරන උපදෙස්, කේත සහිත විස්තර අඩංග-ු ලිපිගොනු ද මෙම රථයේ රැගෙන යන බව පැවසේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ රථයේ දෝෂයක් හෝ ඒ සම්බන්ධ සිදුවීමක් හෝ වාර්තා වී නැති තරම්ය. එවැනි ආසන්නතම සිදුවීමක් වාර්තා වන්නේ 2013 වසරේදීය. ඊශ්‍රායලයේ සංචාරයකදී රථයට වැරැදි ඉන්ධන යෙදීම හේතුවෙන් දෝෂයක් ඇති වූ බවට වාර්තා විය. එවකට ජනාධිපති බැරැක් ඔබාමා එම අවස්ථාවේදී රථය තුළ සිට නැති අතර ජනාධිපති ඔබාමාට ඊශ්‍රායාලයේ ටෙල් අවීව් නගරයේ සංචාරයේ යෙදීමට රථයක් සොයාගැනීමේ අභියෝගයකට මුහුණ දීමට ද එම අවස්ථාවේදී ඇමෙරිකා රහස් සේවයට සිදු වූ බව විදෙස් වාර්තාවල දැක්විණි.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS