චීන වෛද්‍යවරයාගේ අනාවරණය



මෙය ඇමෙරිකාවේ සී.එව්.එන්. පුවත් සේවයේ පළවූ වාර්තාවකි. 

ඔබට චීන වෛද්‍ය ලී වෙන්ලියැං මතකද? ලී වෙන්ලියැං අක්ෂි වෛද්‍යවරයෙකි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයා වූයේ මොහුය. මුල්ම වයිරස ආසාදිතයන් පරීක්ෂා කිරීමෙන් පසු, වයිරසය ගැන තොරතුරු එක් රැුස් කර ගනිමින්, වෛද්‍ය ලී වෙන්ලියැං අනතුරු ඇඟවූයේ මෙම වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා දුරදිග යනු ඇති බවය. එසේ අනතුරු ඇගවූයේ සර්ස් වයිරස වසංගතය සම්බන්ධයෙන් වෛද්‍ය ලී වෙන්ලියැං සතු අත්දැකීම් පාදක කරගනිමිනි.

සර්ස් ද කොරෝනා වයිරසයකි. සර්ස් ආරම්භ වූයේ ද චීනයෙනි. හුබෙයි පළාතේ වෛද්‍ය බලධාරීන්ගේ අවධානය ලී වෙන්ලියැං කළ අනතුරු ඇඟවීම් වෙත යොමු වෙද්දී ප‍්‍රමාද වැඩිය. බොරුවට ජනතාව බිය ගන්වනවා යැයි වෛද්‍ය ලී වෙන්ලියැං ට ඒ වනවිට චෝදනා එල්ල වී තිබුණි. වෛද්‍යවරයා පොලිසියේ අඩන්තේට්ටම්වලට ද ලක් විය. ‘කෝවිඞ් 19’ වයිරසයට 33 හැවිරිදි වෛද්‍ය ලී වෙන්ලියැං බිලි විය. ඒ, ගැබිනි බිරිය, පුතා සහ ඔහුගේ මාපියන් තනි කරමිනි.

වෛද්‍ය ලී වෙන්ලියැං නව වයිරසය සම්බන්ධයෙන් රැුස් කර තොරතුරු සහ දත්ත ඔහුගේ වෛද්‍ය සගයන් විසින් ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. වයිරසයෙන් මනුෂ්‍ය සිරුරට එල්ල වන බලපෑම් හඳුනා ගැනීමට වෛද්‍ය ලී වෙන්ලියැං සමත් වූ බව පැවැසෙයි. මිනිස් සිරුරට වයිරසයේ බලපෑම අඩු කළ රසායනික ද්‍රව්‍ය තුනක් ගැන වෛද්‍ය ලී වෙන්ලියැංගේ වාර්තාවල සඳහන් වෙයි. ‘මෙතිල්සැන්තීන්’, ‘තියෝබ්‍රෝමයින්’ සහ ‘තියෝපිලීන්’ ඒවාය.

සිරුරේ සාමාන්‍ය ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වයිරසය අඩපණ කිරීමට මේවාට හැකි යැයි වෛද්‍ය ලී වෙන්ලියැං විශ්වාස කර ඇති බව ඔහුගේ වෛද්‍ය සටහන්වල දැක්වෙයි. චීන වැසියන්ට හෝ මෙම සටහන කියවන ඔබට ‘මෙතිල්සැන්තීන්’, ‘තියෝබ්‍රෝමයින්’ සහ ‘තියෝපිලීන්’ යන වදන් බර වැඩිවිය හැකිය. එහෙත්, අප එදිනෙදා පානය කරන තේවල (පිරිසුදු තේවල* ඇත්තේ මෙම රසායනික ද්‍රව්‍යයන් යැයි පැවැසෙයි.

සී.එන්.එන්. වාර්තාවක් ඇසුරිනි


RECOMMEND POSTS