ග‍්‍රහකය ඇල්ලූ රෝවර් යානා



අභ්‍යවකාශ ගවේෂණයේ පෙරැළියක් කරමින් තම නම ඉතිහාසගත කරන්න ජපාන අභ්‍යවකාශ ආයතනය සමත් වී සිටී. ඒ, කුඩා රොබෝ රෝවර් යානා දෙකක්, විශ්වයේ ඈත වේගයෙන් ඇදී යන ග‍්‍රහකයක් මතුපිටට ගොඩ බැස්සීමට සැලැස්වීමෙනි.

කුඩා රෝවර් යානා දෙක රැුගෙන ගිය මවු යානය වන්නේ ‘හයබූසා 2’ යානයයි. ‘හයබූසා 2’ යානයේ ඉලක්කය වූයේ ‘රයුගු’ නමින් නම් කළ ග‍්‍රහකයයි. හයබූසා 2 මවු යානය, රයුගු වෙත ළඟා වූයේ පසුගිය 21 වැනිදාය. මවු යානයෙන් මුදාහැරුණු රෝවර් යානා දෙක කිලෝ මීටරයක් පළලින් යුත් මෙම දැවැන්ත ග‍්‍රහකයේ එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතුවල යෙදෙමින් සිටී.

රෝවර් යානාවලට අති නවීන කැමරා සවි කර ඇති අතර, එම කැමරාවලින් පටිගත කෙරෙන දසුන් මේ වනවිටත් පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබී තිබේ. රයුගු ග‍්‍රහකයේ ඇත්තේ අඩු ගුරුත්වයකි. එහෙයින් රෝවර් යානා එහි ගමන් කරන්නේ උඩ පනිමිනි. ග‍්‍රහකයේ උෂ්ණත්වය වෙනස් වීම් සහ එහි මතුපිට ඡයාරූපයට ගැනීම ද රෝවර් යානා විසින් සිදු කරනු ලැබේ.

‘රෝවර් යානා දෙක බොහොම හොඳින් කි‍්‍රයාත්මකයි. පැවැරුණු වැඬේ ඒවා නිසිලෙස කරමින් සිටිනවා’ යැයි ජපාන අභ්‍යවකාශ ආයතනය මෙහෙයුමේ සාර්ථකත්වය ලොවට අනාවරණය කළේය. ඒ පසුගිය 23 වැනිදාය. ‘හයබූසා 2’ යානය රයුගු ග‍්‍රහකයට ළං වූයේ පසුගිය ජූනි මාසයේය. ඒ, පෘථිවියෙන් පිටත් වී වසර තුනහාමාරක ගමනකින් පසුවය.

විශ්වයේ ඈත වේගයෙන් ඇදී යන ග‍්‍රහකයක් මතුපිටට රොබෝ රෝවර් යානා පතිත කළ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර, වල්ගා තරුවක් මතට රොබෝ යානයක් පතිත කිරීමක් සිදුවිය. ඒ, හපන්කම කළේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි. එසේ පතිත කළේ රොබෝ යානයකි. එහෙමෙහෙ යා හැකි රෝවර් යානයක් නොවෙයි. ග‍්‍රහක යනු මීට වසර බිලියන 4.6 කට පෙර, අප සෞරග‍්‍රහ මණ්ඩලට බිහිවුණු අවස්ථාවේ සිදුවුණු හැලහැප්පීම්වලින් ශේෂ වුණු කොටස්ය.

ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ ගවේෂණය සඳහා රයුගු ග‍්‍රහකය තෝරා ගැනීම කළේ සුවිශේෂී හේතුවක් ඇතිවය. රයුගු යනු අප සෞරග‍්‍රහමණ්ඩලය උපත ලබද්දී, කැබැලි වී විශ්වයට එක් වුණු ග‍්‍රහකයකි. මෙය අධ්‍යනය කිරීමෙන් අප සෞරග‍්‍රහමණ්ඩලයේ මූලාරම්භය පමණක් නොවෙයි, එහි පරිණාමයත්, අප පෘථිවියේ උපත සහ පරිමාණයත් ගැන විස්තර රැසක් සොයා ගැනීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

වසර තුනහමාරක ගමනකින් පසු, රයුගු ග‍්‍රහකට සමීප වී සිටි හයබූසා 2 යානය මාස තුනක් සුදුසු අවස්ථාව උදාවෙනකල් ග‍්‍රහකයට සමීපව ගමන් කළේය. ඒ, එම ග‍්‍රහකයේ වේගයෙනි. එය පසුගිය 20 වැනිදා පෘථිවි වේලාවෙන් උදෑසන, සෙමින් සෙමින් ග‍්‍රහකයට ගොඩබෑමට ජපන් විද්‍යාඥයෝ කටයුතු කළහ. රෝවර් යානා දෙක මුදා හැරීම සිදුවූයේ ඉන්පසුවය.

හයබූසා 2 මවු යානයට සම්බන්ධ කෙරුණු රෝවර් යානා ඇතුළත් වූ කොටස නම් කර තිබුණේ ‘මිනර්වා2 1’ කියාය. එය බෙරයක් වැනි කොටසකි. මවු යානය ග‍්‍රහකයට මීටර් 60 ක් ළං වෙද්දී, රෝවර් යානා දෙක පහළට මුදා හැරීම සිදු කෙරුණු බව පැවැසෙයි. එහිදී පැහැදිලි වූ කරුණක් නම් රයුගු මතුපිට හිතුව තරම් සුමට නැති බවය.

රෝවර් යානා එකක් කිලෝ ග‍්‍රෑමයක් පමණ බරින් යුක්ත වෙයි. පුළුල් තිර කැමරා ඊට සම්බන්ධ කර ඇත. යානා වටේ සන්වේදක ඇත. ඒවායින් ග‍්‍රහකයේ උෂ්ණත්වය මැන බැලීම සිදු කරයි. රෝවර කි‍්‍රයාත්මක වන්නේ මෝටර්වලිනි. පැන පැන යන්න පමණක් නොව, පාවී යන්න පවා ඒවාට හැකියාව ඇත. රයුගු දියමන්තියක හැඩය ගත් ග‍්‍රහකයකි. එහි මතුපිට අඳුරු කළු පැහැතිය. පැය 7.5 කට වරක්, ග‍්‍රහකය එහි කක්ෂය වටා කැරැකෙයි.

හයබූසා 2 මවු යානයේ තවත් පතිත කරවන යානාවක් ද ඇත. මෙය ‘මැස්කොට්’ යනුවෙන් නම් කර තිබේ. ‘මැස්කොට්’ ජපාන ඉන්ජිනේරුවන්ගේ හෝ තාක්ෂණ ශිල්පීන්ගේ නිර්මාණයක් නොවෙයි. මෙය යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නිර්මාණයකි. හරියටම කීවොත්, ජර්මන් සහ ප‍්‍රංශ නිර්මාණයකි. ඔක්තෝබර් 3 වැනිදා, ‘මැස්කොට්’ යානය ‘හයබූසා 2’ මවු යානයෙන් වෙන්වී, ග‍්‍රහකය මත පතිත කිරීමට නියමිතය.

මෙම යානයේ අරමුණ වන්නේ ද ග‍්‍රහකයේ දත්ත ලබා ගැනීමය. ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී, ග‍්‍රහකයට සමීපව ගමන් කරමින් තිබෙන හයබූසා 2 මවු යානය ග‍්‍රහකය මත ගොඩබෑම සිදුකරයි. ඒ, පස් සහ පාෂාණ සාම්පල එකතු කිරීමටය. ග‍්‍රහකය මැද පිපිරීමක් කර, එම සිදුරු තුළට ගොස් සාම්පල ලබා ගැනීමට ද නියමිතය.

හයබූසා 2 මවු යානය ලබා ගන්නා සියලූ සාම්පල ද සමඟ ආපසු පෘථිවිය වෙත පැමිණීමට නියමිතව ඇත. හයබූසා මෙහෙයුමේ ඇති සුවිශේෂත්වය මෙයයි. මවු යානය ග‍්‍රහකයෙන් නික්මීමට නියමිතව ඇත්තේ ලබන 2019 වසරේ දෙසැම්බර් මාසයේදීය. එය යළි පෘථිවියට පැමිණෙනු ඇත්තේ 2020 වසරේය. ඒ, ග‍්‍රහකයේ සාම්පල ද රැගෙනය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS