අයි.එස්. බෝම්බකාරියගේ කතාව




‘දෙව් මැදුරට ගිහින් මොකක්ද කරන්න හැදුවේ ?’
‘බෝම්බය පුපුරුවා ගන්නයි  ඕනෑ වුණේ ?
‘බෝම්බය පුපුරුවා ගන්න ?’
‘ඔව්, හරියට ශී‍්‍ර ලංකාවේ පාස්කු ප‍්‍රහාරය වගේ. පාස්කු ප‍්‍රහාරය වගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරන්නයි  ඕනෑ වුණේ’

මහා බි‍්‍රතාන්‍යයේ, පළමු මරාගෙන මැරෙන බෝම්බකාරිය වීමට සිහින මැවූ, ඉස්ලාම් දහමට හැරුණු, බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක වන 36 හැවිරිදි සෆියා ෂෙයික්, පොලිස් අත්අඩංගුවේ සිටිද්දී, පොලිස් නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීමේදී පිළිතුරු දුන්නේ මෙලෙසිණි.

බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ හඳුනා ගත් පරිදි සෆියා ෂෙයික් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ බි‍්‍රතාන්‍ය ජාතික නියෝජිතවරියයි. ඇයට අවශ්‍ය වූයේ මහා බි‍්‍රතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන බෝම්බකාරිය ලෙස ඉතිහාසයට එක් වීමටය.

සෆියා ෂෙයික් පුපුරණ ද්‍රව්‍ය ඇටවූ බෝම්බ බෑගයක් එල්ලන්, ලන්ඩනයේ ශාන්ත පාවුළු දේවස්ථානයට ගොස් එය පුපුරුවා ගැනීමට සැලැසුම් කළාය. ඒ, ශී‍්‍ර ලංකාවේ පාස්කු ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින්ය. කෙසේ නමුත්, බි‍්‍රතාන්‍ය ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ගේත්, ලන්ඩන් පොලිසියේත්, ස්කොට්ලන්ඞ් යාඞ් ඇතුළු සෙසු බුද්ධි අංශ නිලධාරීන්ගේත් දස්කමින් බි‍්‍රතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන බෝම්බකාරිය වීමට පෙර සෆියා ෂෙයික් අත්අඩංගුවට ගැනීම හැකිවිය. ඒ පසුගිය 2019 වසරේ සැප්තැම්බරයේදී ය.

ත‍්‍රස්ත කි‍්‍රයා සැලැසුම් කිරීම යන චෝදනාවලට වරදකාරිය වූ 36 හැවිරිදි සෆියා ෂෙයික් පසුගියදා ලන්ඩන් නුවර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී වසර 14 ක සිර දඬුවමක් හිමි විය. කළු හිජාබයකින් සැරැුසී, අධිකරණය හමුවේ පෙනී සිටි සෆියා, තීන්දුව ලබා දීමෙන් පසු අධිකරණ ශාලාවෙන් පිටව ගියේ සිනාමුසු මුහුණින් දඹර ඇඟිල්ල ඔසවා පන්වමිනි. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනාත්මක සංඥාව එයයි.

සෆියා ෂෙයික් සම්බන්ධ සිදුවීම් මාලාව ඇරැුඹෙන්නේ මීට වසර 13 කට පෙරය.

ඒ 2007 වසරය. මිෂෙල් රැුම්ස්ඩන්, දරු පැටවකු සමඟ තනිවුණු 20 හැවිරිදි මවකි. මිෂෙල් රැම්ස්ඩන්, බටහිර ලන්ඩනයේ, හොන්ස්ලෝව් පදිංචිකාරියක වූවාය. ඇය මාපියන්ගෙන් මෙන්ම එකම සහෝදරයාගෙන් සහ සහෝදරියගෙන් වෙන් වී, ජීවත් වුණු තැනැත්තියකි. ගරාජයක කළමණාකාරියක ලෙස රැුකියාව කළාය. වැරදි තීරණ නිසා ජීවිතය වරදිද්දී, තමන්ගේ අය තමන්ට පිටුපාද්දී, මිෂෙල්ට ළං වූයෙත් මිෂෙල් සමඟ මිතුරු වූයේත් කරුණාවන්ත මුස්ලිම් පවුලකි. ඒ කරුණාව හමුවේ, ඉස්ලාම් දහමට හැරෙමින්, ඉස්ලාම් දහම වැලඳ ගැනීමට මිෂෙල් තීරණය කළාය. ඒ අනුව, මිෂෙල් රැුම්ස්ඩන්, සෆියා ෂෙයික් බවට පත් විය.

2016 වනවිට, අන්තර් ජාලය ඔස්සේ අන්තවාදී දේශන ඇසීමෙන් සහ නැරැඹීමෙන් සෆියා, අන්තවාදයට නැඹුරු වී සිටියාය. ඇයගේ සිතුම් පැතුම් සහ ආකල්ප වෙනස් විය. එසේ වූයේ ඇයට හඳුනා ගැනීමට ලැබුණු මුස්ලිම් අන්තවාදීන් නිසා ය. මූලධර්මවාදී අදහස් ඇති තැනැත්තියක වූ බැවින්, සෆියා මුස්ලම් පල්ලිවලට යෑම ප‍්‍රතික්ෂේප කළාය. සාම්ප‍්‍රදායික ඉස්ලාම් දහම කෙරෙහි තව දුරටත් ඇය තුළ විශ්වාසයක් නොතිබුණි.

අයි.එස්. ත‍්‍රස්ත තර්ජන හමුවේ, බි‍්‍රතාන්‍යයේ වාසය කරන මුස්ලිම් සම්භවයක් ඇති ඉස්ලාමීය අන්තවාදී ගැන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවූ අතර, සෆියා අන්තවාදී අදහස් ඇති තැනැත්තියක බවත්, අනාගතයේ දිනක ඇය තර්ජනයක් විය හැකි බවත් බුද්ධි අංශ හඳුනා ගෙන සිටියේය. බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ දිගටම සෆියා ගැන විමසිල්ලෙන් පසුවිය. ඇය යන්නේ කොහෙද? හමුවන්නේ කවුරුන්ද ආදිය ගැන ඇයට හොරා ඔත්තු බැලීම ආරම්භ කර තිබුණි.

2019 අපේ‍්‍රල් 21 වැනිදා, පාස්කු ඉරිදා උදෑසන, ඛ්දනීය සිද්ධි මාලාවක් අත් විඳීමට ශී‍්‍ර ලාංකික අපට සිදුවිය. එම මුළු ලොවම කම්පා කළ සිදුවීම් පෙළක් විය. කතෝලික සහ කි‍්‍රස්තියානි පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරා ගියේය. ‘පාස්කු ප‍්‍රහාරය’ ලොව කම්පා කරද්දී, පාප්තුමෝ සොව පළ කළහ.

ප‍්‍රහාරය එල්ල කළේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානයේ හිතවාදීන් බව අනාවරණය වී දින කීපයක් ගතවෙද්දී, වසර ගණනක් සැඟවී සිටි අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි සැඟව සිටි තැනින් එළියටවිත් නිකුත් කළ කෙටි වීඩියෝ පණිවුඩයේ පාස්කු ප‍්‍රහාරය ගැන සඳහන් විය. ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් බාර ගනු ලැබ තිබුණි.

එම වීඩියෝ පටය එළිදැක්වීමත් සමඟ බැග්ඩැඩිට වැඩ වැරදුණේය. සිරියාවේ සැඟවී සිටි ඇමෙරිකන් ජනාතිධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් හමුදා අතින් ඝාතනයට ලක් විය. ඒ, පසුගිය ඔක්තෝබරයේදීය. කෙසේ නමුත්, පාස්කු ප‍්‍රහාරයත් සමඟ යුරෝපා රටවල අයි.එස්. ත‍්‍රස්ත නියෝජිතයන්ගේ පිබිදීමක් සිදුවිය. එම ප‍්‍රහාරය ඔවුන්ට උත්තේජනයක් විය.

2019 අගෝස්තු 18 වැනිදා, නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නුවර බලා යෑමට බි‍්‍රතාන්‍යයේ ලූටොන් ගුවන්තොටුපොළට ආ මගී කාන්තාවකට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ හරස් විය. ඇය සෆියා ෂෙයික් ය. සෆියා වෙනුවෙන් ගුවන් ටිකට්පත මිලදී ගෙන තිබුණේ යූස්රා ලෙමූසෙට් නමැත්තාය. මොහු ‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත‍්‍රස්ත සංවිධානයට සහාය දුන්නේ යැයි යන චෝදනාවලට වරදකරුවකු වූ අයෙකි.

ආරක්ෂක අංශ සෆියා අත්අඩංගුවට ගැනීමක් කළේ නැත. ඇයගෙන් ප‍්‍රශ්න කර කිසිවක් නොදන්නා ආකාරයට ඇය ඇගේ නවාතැනට පිටත් කර හැරුණි.

සෆියා, සෙසු ඉස්ලාමීය අන්තවාදීන් සමඟ පණිවුඩ හුවමාරුවේ යෙදුණේ රහසිගතවය. රහස් කේත යොදා ගත් පණිවුඩ හුවමාරු ජාලයකට ඇය සම්බන්ධ වී සිටියාය. අගෝස්තු 20 වැනිදා, එම පණිවුඩ ජාලය හරහා ඇයට ඇය මෙන්ම දැඩි අන්තවාදී අදහස් ඇති තැනැත්තකු හඳුනා ගන්න හැකිවිය. මේ තැනැත්තා ඇයට සහෝදරයකු විය. දෙදෙනා අතරේ දිගින් දිගටම පණිවුඩ හුවමාරු විය. අදහස් හුවමාරු විය.

ජිහාද්වාදියකු වෙමින්, බි‍්‍රතාන්‍යයේ පළමු කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරිය වීමට තමන්ගේ ඇති කැමැත්ත සෆියා ඔහුට පැවැසුවාය. ඉස්ලාමීය ශුද්ධ යුද්ධයට සම්බන්ධ වෙමින්, ආගමික ආක‍්‍රමණවලට එරෙහිව සටන් වැදීමට තමන් සූදානම් බවත්, ඊට අවස්ථාවක් දෙන ලෙසත් සෆියා ඉල්ලීමක් ද කළාය.  අගෝස්තු 22 වැනිදා සෆියා එම තැනැත්තාට පාපොච්චාරණයක් කළාය. තමන් දිවි පූජා කිරීමට සූදානම් වන්නේ ජීවිත රැුසක් බිලි ගනිමින් යැයි ඇය පැවැසුවාය. ‘මට ඇත්තටම මේක කරන්න  ඕනෑ. මට මාගේ අවසන් මොහොතේදී පුළුවන් තරම් ජීවිත බිලිගන්නයි  ඕනෑ’ සෆියා කීවේ දැඩි ස්වරයකිනි. අගෝස්තු 31 වනවිට, මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සඳහා සුදුසු ස්ථානයක් සෆියා තෝරා ගෙන තිබුණි. ඒ, සුප‍්‍රසිද්ධ ශාන්ත පාවුළු දෙව්මැදුර ය. දේවස්ථානයේ ඡුායාරූපයක් රහස් පණිවුඩ හුවමාරුව ඔස්සේ ඇය ඔහුට යැවුවාය. ‘මෙතැන ඒක කරන්න පුළුවන් වේවිද?’ ඇය ඔහුගෙන් විමසීමක් කළාය.

සැප්තැම්බර් 8 වැනිදා සෆියා ලන්ඩන් නුවරට පැමිණියේ ප‍්‍රහාරය සැලැසුම් කිරීමටය. ඇය ශාන්ත පාවුළු දෙව්මැදුරට ගියාය. පැයක් පමණ එය නරඹමින් ඇති තරම් දෙව් මැදුරේ ඡුායාරූප ගත්තාය. ‘මෙතැනට බෝම්බ ගෙනත් පුපුරුවා හැරීම පහසුයි’ යැයි ඇය පසුව ඇගේ ‘අන්තවාදී සහෝදරයාට’ පණිවුඩයක් යවමින් පැවැසුවාය. චාල්ස් ඩයනා විවාහ මංගලෝස්තවය පැවැත්වූයේ ද මෙම ශාන්ත පාවුළු දෙව්මැදුරේය.

සෆියා දෙව්මැදුරේ වූ චාල්ස් ඩයනා ඡුායාරූපයක් ද ඡුායාරූපයට නගා ඒ ගැන ද සටහනක් තැබුවාය. ඒ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදුසුම තැන මෙතැන යැයි යළිත් සඳහන් කරමිනි. ඉන්පසු ඇය ‘ග්‍රෙට් සැන් හෙලන්’ ඇතුළු ලන්ඩනයේ ප‍්‍රකට හෝටල් කීපයකට ද ගොස් ඒවායේ ඇවිදිමින් ඡුායාරූප ගැනීම් කළාය. මේ සියල්ල ආරක්ෂක කැමරාවල සටහන් විය.

සැප්තැම්බර් 24 වැනිදා සෆියා හමුවීමට අමුත්තියක පැමිණියාය. ඇය බි‍්‍රතාන්‍ය ජාතික මුස්ලිම් තරුණියකි. මෙම තරුණිය සෆියා හමුයට එව්වේ, සෆියා රහස් පණිවුඩ හුවමාරු කරගත් අන්තවාදී අදහස් ඇති මුස්ලිම් තරුණයා ය. ‘ඔබ හමුවන්න එන්නේ මගේ බිරිඳ, ඇය අවශ්‍ය පරිදි ඔබට සහාය දේවි’ යැයි තරුණයා කල්තියා සෆියා ට පවසා තිබුණි.

බටහිර ලන්ඩනයේ උක්ස්බි‍්‍රජ් හිදී සෆියා සහ එම තරුණියගේ හමුවීම සිදුවිය. දේවස්ථානයට පහර දෙන ආකාරය එහිදී කතාබහට ලක් විය. මෙහිදී සෆියා හඬන්න වූවාය. තමන්ට ජීවිතය වැරැුදුණු බවත්, තමන්ට සමාවක් ලබා ගත හැක්කේ අල්ලාහ් දෙවියන්ගෙන් පමණක් බවත් ඒ වෙනුවෙන් තමන්ට ජීවිත බිලි ගැනීමටත්, ජීවිතය පිදීමටත් සිදුවන බව පවසමින් සෆියා හඬන්න වූවාය. ඉන්පසු බෝම්බ කබාය පලඳින ආකාරය සම්බන්ධයෙන් දෙදෙනා අතරේ කතාබහ විය. තවත් මාසයකින් හමුවී සැලැසුම ක‍්‍රියාත්මක කිරීමේ අරමුණින් හමුව අවසන් විය.

ඔක්තෝබර් 10 වැනිදා, අන්තවාදී සහෝදරයාගේ බිරිඳ හමුවීමට නියමිතව තිබුණ ද තමන්ට අසනීපයි කියමින්, සෆියා ඇය එම හමුව මඟ හරින්න විය. එදින ආයුධ සන්නද්ධ ත‍්‍රස්ත මර්දන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක්, සෆියාගේ නවාතැනට කඩා වැදී ඇය අත්අඩංගුවට ගත්තේය.

අගෝස්තු 20 වැනිදා සිට, ඇය සමඟ රහසේ පණිවුඩ හුවමාරු කළ ඒ, ‘අන්තවාදී සහෝදරයා’ වෙස්වලාගෙන සිටි බි‍්‍රතාන්‍ය ත‍්‍රස්ත මර්දන ඒකකයේ විශේෂ පුහුණවක් ලැබූ පොලිස් නිලධාරියෙකි. ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටියේ ත‍්‍රස්ත මර්දන ඒකකයේ තවත් පොලිස් නිලධාරිනියකි.

සෆියා ෂෙයික් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඒ අනුවය.

පසුගිය 2020 පෙබරවාරි 21 වැනිදා සෆියා,  ඕල්ඞ් බේලි අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. එම අවස්ථාවේදී ද සෆියා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ඇය අපරාධයක් සැලැසුම් කළත් එය කි‍්‍රයාක්මක නොකළ බවත්, පසුව ඇගේ සිත වෙනස් වුණු බවත්ය.

කෙසේ නමුත් බන්ධනාගාරගතව සිටිද්දී පවා සෆියා ෂෙයික් ඇගේ අන්තවාදී සගයන්ට ඇමතුම් දී ඇත. ඒ සියල්ල සහ රහස් පණිවුඩ හරහා සෆියා කළ කථා බහ ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

සෆියාගේ දුරකතන පණිවුඩවල සඳහන් වන්නේ ‘අවස්ථාවක් ලැබුණා නම් මා මගේ සැලැස්ම කි‍්‍රයාත්මක කරනවා’ යන්නය. අවසානයේ දී ත‍්‍රස්ත කි‍්‍රයාවක් සැලැසුම් සකස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සෆියා ෂෙයික් වරදකාරිය වූවාය. ඒ අනුව, ජස්ටිස් ස්වීනි විනිසුරුවරයා ඇයට වසර 14 ක සිර දඬුවමක් නියම කළේය.

බි‍්‍රතාන්‍ය පුවත් ඇසුරිනි


RECOMMEND POSTS