පිරමීඩයේ අබිරහස් හිඩැසක්



තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය ලෙස සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින් ගීසා නිම්නයේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වයයි.

ඉපැරැණි පුදුම හතට අයත්, තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය පිරමීඩය. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියා පාන්නේ ද මෙම පිරමීඩය. ගීසා හි ඉදිකර තිබෙන මෙම පිරමීඩ එසේත් නැතිනම් ‘සොහොන් ගෙවල්’ රජ පෙළපත් තුනක අභිමානය ලොවට පිළිබිඹු කරයි.

ක්‍රි.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර පැවති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (රජවරුන්) ලෙස කටයුතු කළේ කූෆු ඔහුගේ පුතු කාෆ්රේ සහ මුණුපුරු සැන්කුරේ ය. පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දී ඇත්තේ මොවුන්ය. ඒ, ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියටය.

විද්‍යාඥයන් මවිත කිරීමට සමත් අබිරහස් ‘හිඩැස’ සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත්තේ කූෆු රජුගේ පිරමීඩයෙනි. චියොෆ් යන නමින් ද කූෆු හැඳින්වෙයි. ගීසාහි ඇති මෙම යෝධ පිරමීඩ අබිරහස්වලින් පිරී පවතී. ඒ අතරුට එක්වුණු මෙම ‘හිඩැස’ සම්බන්ධ අබිරහස ද විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට සමත් වී ඇතැයි මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ගීසා නිම්නයේ ඇති පිරමීඩ ත්‍රිත්වය අතරින් උසින් වැඩිම පිරමීඩය වන්නේ මෙම පිරමීඩයයි. උස මීටර් 140 (අඩි 460) කි. මෙය ඉදි කළේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 2509 සිට 2483 තෙක් කාලයේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති. පිරමීඩය තුළ හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු කර ඇත්තේ අති නවීන ස්කෑන් තාක්ෂණයකිනි. පරීක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රංශ සහ ජපාන පුරාවිද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් එක් වෙමිනි. ඔවුන් යොදා ගත් මෙම ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ ‘මුවෝග්‍රැෆි’ යන නමිනි. පරීක්ෂණයට නායකත්වය දුන් එක් වි

‘මුවෝග්‍රැෆි’ යනු ජපාන නව තාක්ෂණයකි. මෙහිදී සිදු කෙරෙන්නේ, පෘථිවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී, දෘහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන් වෙයි. ‘මුවොන්ස්’ අණු ද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ හිස් අවකාශයකි.

පිරමීඩය ඇතුළත හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු වූයේ ඒ අනුවය. සුනාමියෙන් සහ භූමි කම්පාවෙන් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අබලන් වී විකිරණ කාන්දු වෙද්දී, ඒ බව පරීක්ෂා කිරීමට යොසා ගත්තේ ද මෙම නව ස්කෑන් තාක්ෂණයයි. අයිස් තට්ටු අතර ස්කෑන් කිරීමටත්, පර්වත, භූමි ප්‍රදේශ ස්කෑන් කිරීමටත් මෙම නව තාක්ෂණය භාවිතයට ගන්නා බව පැවැසෙයි.

කූෆු රජුගේ පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් පවතී. එයින් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක ඇත්තේ ඊට පහළිනි. එය කුඩාය. මේ හිඩැය නිර්මාණය කළේ ඇයි ද යන්න ගැටලුවකි. එසේත මෙය තුළ කිසියම් හෝ අබිරහස් දෙයක් තැම්පත් කර ඇතැයි ද සැක කෙරේ. හිඩැස ‘හිඩැසක්’ ද නැතිනම් ඇතුළේ වටිනා දෙයක් ඇති ද යන්න සොයා දැන ගැනීම අසීරු වී තිබේ. හේතුව පිරමීඩයට හානි නොකර එය දැන ගැනීමට නොහැකි වීම නිසාය. මෙම හිඩැස නිර්මාණය කර ඇත්තේ පිරමීඩය ඇතුළත පීඩනය නැති කිරීමට හෝ මුදා හැරීමට හෝ විය හැකියි යන්න වාස්තු විද්‍යාඥයන්ගේ අදහස වී ඇති නමුත් එය තහවුරු කිරීමට කිසිවෙකු හෝ සමත් වී නැති බව ද පැවැසෙයි.

ගීසා නම්නයේ මුලින්ම හැදූ පිරමීඩය වන්නේ ද මෙම කූෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙය ‘මහා පිරමීඩය’ ලෙසින් ද හැඳින්වෙයි. 14 වන සියවස තෙක්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවදියේ මෙහි උස අඩි 481 ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13 ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) ක්.

කාෆ්රේ රජුගේ පිරමීඩය නිර්මාණය කර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10 ක් උසින් අඩුවෙනි. කූෆූ රජුගේ මුණුපුරු සැන්කුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. උස මීටර 66 කි. කුෆූගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසළ තවත් කුඩා පිරමීඩ ඉදි කර තිබේ. ඒ විතරක් නොවේ රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසළ කඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදි කර තිබේ. ගීසා නිම්නයේ පිරමීඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම 7 ට ඇතුළත් කළෝ ග්‍රීක ජාතිකයෝය. 

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS