පලස්තීනයේ ශක්තිමත් නායකත්වය



පලස්තීන භූමිය බෙදා වෙන්කරමින් නිර්මාණය කළ විසැඳුම විසැඳුමක් වී නැති බව ගත වූ දශක කිහිපයක ඉතිහාසය සාක්ෂි දරයි. මෙවැනි පසුබිමක එක්කෝ ඊශ්‍රායලය යටතේ ජීවත්වීම පලස්තීනුවන්ට සිදුවනු ඇත. එය ඔවුන් කිසිදා එකඟ නොවනු ඇති තත්ත්වයකි.

නැතහොත් ඊශ්‍රායලය හා පලස්තීනය යනුවෙන් රාජ්‍ය දෙකක් පිළිගත යුතුය. දැනටමත් වැඩි අසාධාරණයට හා පීඩනයට ලක්ව ඇත්තේ පලස්තීනුවන්ය. කැටපෝල හෝ ගල්කැබලි අතින් ගත් පලස්තීන කොලු ගැටව් ඊශ්‍රායල් යුද ටැංකි හරස්කර අභියෝග කරනුද, හමාස් රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල් වැසියන් මැරී වැටුනු ද , ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් මැරී වැටෙනුද විසඳුම පමාවන තෙක් ලෝකයට අකැමැත්තෙන් වුවද බලා සිටීමට සිදුවනු ඇත.
එලෙස හිරිහැර සහ පීඩාකාරී වටපිටාවක් තුළ යසර් අර්ෆත් ගෙන් පසුව , පලස්තීනයට සෞභාග්‍යය රැගෙන ඒමට වත්මන් ජනාධිපති මොහොමඞ් අබ්බාස් විසින් ඉටුකරන්නාවූ මහත් අප්‍රිතහත ධෛර්ය ගැන කියා පෑමට මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර අන්තර්ජාතිකව පිළිගත් දේශසීමා නොමැත. ජෝර්දාන් නදියෙන් බටහිර ඉවුරේ පිහිටි ප්ර්දේශය බටහිර ඉවුර යනුවෙන් හැඳින්වෙන අතර එහි සහ ගාසා තීරය පලස්තීනයට අයත් භූමියයි. ඊශ්‍රායලයට සහ පලස්තීනයට අයත් සමස්ත භූමි ප්‍රමාණය ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයෙන් හරි අඩක් පමණ වේ. ජනගහනය ඊට සමානය.
මැදපෙරදිග අර්බුදය යනුවෙන්ද හඳුනා ගන්නා ඊශ්‍රායල් - පලස්තීන ප්‍රශ්නයට විසැඳුම් වශයෙන් දියත් වූ මුල්පෙළේ ප්‍රයත්නයක් වූයේ 1993 හා 1995 ඔස්ලෝ සාම සම්මුතියයි. සාමය පිළිබඳ අපේක්ෂා දැල්වීමට එය සමත් වූ නමුදු ප්‍රායෝගිකව යථාර්ථයක් වූයේ නැත. සම්මුතියට අත්සන් කළ එවකට පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත්ට හා ඊශ්‍රායල් අගමැති යිට්ෂැක් රබීන්ට සහ විදේශ ඇමැති ෂිමොන් පෙරෙස්ට නොබෙල් සාම ත්‍යාගයද හිමිවීම ඉතිහාසගත කතාවකි. කෙසේ වූවද රබීන්ට ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර අර්ෆත් මිය ගියේ සාමය හා පලස්තීන රාජ්යියක් පිළිබඳ අපේක්ෂාව පමණක් හදවතේ දරාගෙනය. මැදපෙරදිග සාමය සඳහා දරන ලද අවසන් සාර්ථක ප්‍රයත්නය එය විය.

රාජ්‍යයන් දෙකක් පිළිගනිමින් අවසන් විසැඳුමකට එළැඹීම සඳහා වන සාකච්ඡා ක්‍රියාමාර්ග මෑත භාගයේදී ද දියත් වූවද මෙතෙක් ඵල දරා නොමැත. අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස්ට මේ වනවිට එම කාර්යභාරය පැවරී තිබේ.

එම සුවිශේෂී කාර්යභාර්යයත් සමඟ පලස්තීන ජනාධිපතිවරයා ලොව පුරා සැමගේ අවධානයට ලක්වූයේය. මන්ද පලස්තීනයේ සදාතන හතුරා වූ ඊශ්‍රායලයේ මිතුරා වන ඇමෙරිකා ජනපතිපතිවරයා මුණ ගැසීමට අබ්බාස් මීට මාස කිහිපයකට පෙර තීරණය කිරීමත් සමඟය.

ලොව පාලනය කරන්නාවූ වයස්ගත පාලකයින් දහ දෙනාගේ ලැයිස්තුවේ අට වැන්නා වන වත්මන් පලස්තීන ජනාධිපතිවරයාගේ වයස අවුරු 83කුත් දින 307 කුත් වන්නේය.අබු මසේන් නමින්ද පලස්තීන්යේ වඩාත් ජනප්‍රිය පලස්තීන ජනපතිවරයා පළමුවෙන්ම පලස්තීන අධිකාරියේ නායකයා ලෙස තේරී පත්වන්නේ 2005 වසරේ ජනවාර් 9 වැනිදාය.එතැන් පටන් වසර 14 ක් පුරා පලස්තීනුවන් වෙනුවෙන් සිය නායකත්වය දෙන්නේ තුවක්කු හඬ, මරාගෙන මැරෙන බෝම්බ , ෂෙල් වෙඩි ප්‍රහාර මධ්‍යයේ වීම තවත් අපූරු දෙයකි.

වර්මානයේ ඊශ්‍රාලයට අයත් ගලීලි කළාපයේදී 1935 නොවැම්බර් 15 වැනිදා උපත ලබා  හැඳුණු වැඩුණු අබ්බාස් සහ ඔහුගේ පවුලේ උදවියට 1948 වසරේ පලස්තීන සිවිල් යුද්ධයට මැදි වීම හේතුවෙන් සිරියාවට පලා යාමට සිදුවේ.සිය තරුණ අවදිය එරට ගත කරන අබ්බාස් එරට දමස්කස් විශ්ව විද්‍යාලයෙන් නීතිය හදෑරුවේය.උසස් අධ්‍යාපනය සඳහා මොස්කව් හි පැටිට්‍රස් ලුමුම්බා විශ්ව විද්‍යාලයට ඇතූලත්ව විද්‍යා උපාධි හැදෑරීමටද කටයුතු කළේ ඉගෙනගත් දෑ කවදාවත් අහක නොයන බව සනාථ කරමිනි.එය එවකට සෝවියට් රුසියවේ හිමිවූ  අචාර්ය උපාධියක් හා සමාන බැව් පැවසේ.

අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු අමීනා සමඟ විවාහපත් වූ මේ අබ්බාස් යුවළට සිටියේ පිරිමි දරුවන්ම තිදෙනෙකුම විය.අබ්බාස්ගේ වැඩිමහල් පුතු 41 හැවිරිදි වියේ පසුවෙද්දී හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයකින් මිය යෑම දේශපාලනඥයෙකුගේ භූමිකාව පැත්තකට ඇඳ දමා අබ්බාස්ගේ හදවත සසල කළ මොහොතක් විය.දෙවැනි පුතු කැනඩාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.තෙවැන්නාද විධායක ව්‍යාපාරිකයෙකුවේ.එසේම අබ්බාස්ට මුණුබුරු මිණිබිරියෝ අටදෙනෙක් සිටිති.ඔවුන් සියල්ලෝම තරුණ ඊශ්‍රායල ජාතිකයින් සමඟ හිතවත්කම් පාන්නෝ වෙති.

පනහ දශකයේ මැද භාගයේදී පලස්තීනයේ ජාතික දේශපාලනයට අවතීර්ණ වන්නේය.ඒ එවකට කටාර් සිට පිටුවහල් කළ පලස්තීනුවන් තිදෙනකු අරඹයා ඇතිවූ ප්‍රශ්නයක් රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා ඔඩු දුවන මට්ටමට පැමිණීමත් සමඟය.එවකට අබ්බාස් එමිරේටයේ සිවිල් සේවයේ අධ්‍යක්ෂකවරයා විය. තමන්ට වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් යසර් අර්ෆත් ගේ ප්‍රධානත්වයෙන් 1961 ආරම්භ වූ  ෆාටා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වූයේය.

අබ්බාස්ට පලස්තීන විමුක්ති සංවිධානයේ සිටින සියලු සාමාජිකයින්ට වඩා රාජ්‍යතාන්ත්‍රිකරණයේ දක්ෂයෙකු බව ජාත්‍යන්තරයේ පිළිගැනීම විණි. විශේෂයෙන් එම සංවිධානය බොහෝ දෙනාගේ විප්ලවවාදී ප්‍රතිපත්ති වලට වඩා මධ්‍යස්ථ වෙනසක් ඉදිරිපත් කරමින් අබ්බාස් රාජ්‍යතාන්ත්‍රික රාජකාරී ඉටු කර ඇති.2003 මුල්භාගය වන විට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය යසර් අර්ෆත් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ හෙයින් , අබ්බාස් දෙරට විසින් අපේක්ෂා කරන ආකාරයේ නායකත්ව කාර්යබාරය සඳහා අපේක්ෂකයෙකු වනු ඇතැයි අපේක්ෂා කළේය.එසේම පලස්තීන වැසියෝද ස්වයං පාලනයක් තමන්ට ලඟා කර දීමට සමත් නායකයෙකු බවට අබ්බාස් පත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ඒ යසර් අර්ෆත්ගේ මරණයෙන් පසුව අබ්බාස් පලස්තීනයේ සුක්කානම බවට පත්වන්නේ ඔහු තරම් අත්දැකීම් නැති වෙන කිසිදු නායකයෙක් පලස්තීනයෙන් බිහිවී නොමැති වීම නිසාවෙනි.ඒ අනුව 2005 ජනවාරි 09 වැනිදා පලස්තීන ජාතික අධිකාරියේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේය.එැතැන් පටන් අද දක්වාම ඔහු පලස්තීනය මෙහෙයවන්නේ විවිධ කැපකිරීම් මධ්‍යයේය.

2013 වසරේ අගභාගය වනවිට පලස්තීන ජනගහනය මිලියන 11.8 ක් විය. ඉන් මිලියන 4.5ක් පලස්තීනයේදී මිලියන 1.4 ක් ඊශ්‍රායලයේද, තවත් මිලියන 5.2ක් අරාබි රටවලද තවත් හයලක්ෂ හැට පන්දහසක් ලොව වෙනත් ප්‍රදේශවලද ජීවත්වන බවට ගණන් බලා තිබේ.
මේ සංඛ්‍යාලේඛන මඟින් පිළිබිඹුවන පරිදි සමස්ත පලස්තීන ජනගහනයෙන් හරි අඩක් පමණ සරණාගතයන් ලෙස හා සිය භූමියෙන් පිටත ජීවත් වෙති. ඊශ්‍රායලයේදී ඔවුන්ට සලකන්නේ දෙවන පෙළ පුරවැසියන් වශයෙනි. සිය භූමිය තුළම එනම්, බටහිර ඉවුර ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසෙලමේ ජීවත්වන ජනයාටද ඊශ්‍රායල් ආරක්ෂක අංශවල පීඩනයට යටත්ව ජීවත්වීමට සිදුව ඇත. මේ හැරුණුවිට නිදහස් පලස්තීනයක් උදෙසා සිය ජීවිතයෙන් වන්දි ගෙවූ සංඛ්‍යාවද විශාලය.

කෙසේ වෙතත්, දශක ගණනාවක සිට අළු යට ගිනිපුපුරු මෙන් පවතින ඊශ්රායයල් - පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍යයන් දෙකක් පිළිගනිමින් අවසන් විසැඳුමකට එළැඹීම සඳහා වන සාකච්ඡා ක්‍රියාමාර්ග මෑත භාගයේදී ද දියත් වූවද මෙතෙක් ඵල නොදැරුයේ ඇමෙරිකාවේ වත්මන් ට්‍රම්ස් පරිපාලනය විසින් හිටි හැටියේම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම ප්‍රකාශයට පත් කිරීමත් සමඟිනි. අවසන් විසැඳුමකට එළැඹීම සඳහා වන සාකච්ඡා ක්‍රියාමාර්ග වෙනුවෙන් මෙහොමඞ් අබ්බාස් තම ජාතියේ හතුරාගේ මිතුරාගේ රටේ නිල සංචාරය කිරීමට තරම් ධෛර්යවන්ත වූයේය.

සටහන
තිළිණි ද සිල්වා


RECOMMEND POSTS

RELATED POSTS