කොරෝනා නිසා කොරවුන ශ්‍රමිකයෝ



කොරෝනා යන වචනය මිනිසුන්දැන හදුනාගත්තේ ඊයේ පෙරේදාය. එය එසේ වුවද වසර වසර ගණනාවකට එපිට සිට පැවත එන කොරෝනා පරම්පරාව මිනිසුන් අතරට පැමිණියේ මේ මෑතකදී කොව්වොත් නිවැරදිය ඉබෝලා,සාස් ,මාස්, වැනි මිනිසුන් බිලි ගන්නා වසන්ගතද කොරෝනා පවුලේ සාමාජිකයින් බව දන්නේ බොහෝ සුළු පිරිසකි.

අප්‍රිකානු සම්භවයකින් පැවත ආ ඉබෝලා වසංගතයෙන් මිනිසුන් නොමැරී බේරුනේ අනු නාමයෙනි.එහෙත් යම් ප්‍රතිශතයකින් වර්ධනය වුවද කිසිදු නියමිත බෙහෙතක් හෝ එන්නතක්  නොමැතිව අනපේක්ෂිත ලෙස  මෙලොවින් චුත වුනේ වාසනාවකට මෙනි.සාස් සහ මාස්ද එවැනිම අත්භූත වසංගත වූ නමුත් කාලයාගේ ඇවෑමෙන් පෘතුවි තලයෙන් අතුගා දමන්නට සමත්වීම මනුෂ්‍ය වර්ගයාගේම වාසනාවකි.

කොරෝනා පවුලේ කොවිඩ් 19 වසංගතය මෙලොවට පැමිණීමත් සමග සිදුවුයේ සිතා ගන්නටවත් බැරි දෙයකි,ඊයේ ප්රේද පැමිණි කොවිඩ් වසංගතයෙන් සිදුවුයේ අනපේක්ෂිත විනාශයකි. විනාශයේ ගණන් මිමි හෝ සිදුවූ අලාභය තක්සේරු කිරීමට කිසිවෙකුත් මෙතෙක් සමත්වී නොමැති අතර කෙදිනක,කවදා සිදුවේ දැයි කිසිවෙකුට කිව නොහැක,වර්තමානයේ අප ඉන්නේද එවැනි පසුබිමක විම පිලිබදව සිතෙනා විටත් දැනෙන්නේ බියකරු බවකි.

ලෝකය ගැන හෝ කිසිවක් ගැන සිතන්නට කාලයක් අප වෙත ඉතිරි කර නැත.මරණය ගැන හෝඩුවාවක් ලැබෙන තෙක් බලා සිටින්නට සිදුවීම පමණක් ඉතිරි කර ඇත්තාසේය.ලෝකය පුරා ජීවත්වෙන ස්වදේශිකයෝ හැරෙන්නට ඉතිරි සියල්ල විදෙශිකාඕ වෙති විදේශිකයෝ නම් ශ්‍රමිකයෝ වන අතර තුන් බියෙන් පෙලෙන විදෙස් ගත ශ්‍රමිකයෝ කොරෝනා නිසා කොරවී සිටින බවක් ඇස් පනාපිට දැක ගන්නට ඇත.රටකින් රටකට මාරුවෙමින් ඩොලර් මලු සොයමින් ජිවිතය ගොඩනගා ගන්නට වෙරදරන  විදෙස් ගත ශ්‍රමිකයින් කොරෝනා විසින් කබලෙන් ලිපට දමා යස පාඩමක් උගන්වා ඇති සේයා.ගෙදර ගියොත් අඹු නසි මග සිටියොත් තා නසි උපමාවට උන පුර්නයක් ලබාදී ඇත.අඩු වැඩි ලෙස අපද එහි කොටස් කාරයෝ වී ඇත.කොරෝනාවේ බල පරාක්‍රමය කෙසේද යත් සියල්ල කොටු කොට දගගෙයි දමා සිර කොට  ඇත.”එහෙ ගියත් කොරෝනා මෙහේ  ගියත් කොරෝනා එහෙ ගියත් මෙහෙ ගියත් කොහේ ගියත් කොරෝනා”රබන් සුරල් ගායනයට අනුකුලව ජීවත්වීමට සිදුව ඇත. මෙතෙක් කල් උඩු ගුවනේ සරි සරමින් මිනිසුන් එහා මෙහා ගෙන ගිය  පතාක ගුවන් යානා පවා ගල් කටන්නට සමත්වූ කොරෝනා වසංගතය සියල්ල උඩු යටිකුරු කර ඇත.

විදෙස් ගත ශ්‍රමිකයින් හට හරියට පැය අටේ රාජකාරිය කරන්නට ඉඩක් නැත හාම්පුතාගේ ඕඩරය අනුව පඩි පත නොහොත් වේතනය දෙකට හෝ තුනට කඩා ඇත. පාරට බහින්නට මුඛ ආවරණ හෝ අත් වැසුම් සහිතව අගහරු ලෝකෙන් හෝ වෙනත් ග්‍රහ වස්තුවකින් පැමිණි අත්භූත සත්ව කොට්ටාසයක් ලෙස වාසය කරන්නට සිදුව ඇත. කුළුපගව ගතකල හිතවත් සහ්ර්දයන් පවා මීටරයක් දුරින් තබා සමාජ දුරස්ථභාවය රකින්නට සිදුවී ඇති අතර ජීවිතය ගැට ගසා ගැනීමට නිහඩ සටනක යෙදෙන්නට සිදුව ඇත.

කොරෝන කෙතරම් ඛෙද ජනකදැයි කිවහොත්  අම්මා,තාත්තා,දුවා දරුවා හෝ අනිකුත් කිසිවෙකුත් ගැන තැකීමක් නැත.මල ගෙදරට,මගුලට,පාටියට,උපන් දිනේට,සම්භාශනෙට තහන්ච් දමා ඇත,එකිනෙකා හමුවීම මුණ ගැසීම තහනම් කරමින් සිමා පනවමින් සිටින කොරෝනා මාරයා මෙලොවින් චුතවන්නේ කවදා දැයි සිතමින් කොපමණ කාලයක් කල් මරන්නෙහිද?

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි.

RECOMMEND POSTS

RELATED POSTS