ඇපලෝ 11 හා බැඳුණු අපූරු කතා



මීට පනස් වසරකට පෙර අද (ජූලි 20) වැනි දවසක, හරියටම කිවොත්, 1969 ජූලි 20 වැනිදා, ඇමෙරිකා නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ ඔඞ්වින් ‘බස්’  ඕල්ඞී‍්‍රන් සඳ මත පය තැබූහ. සඳට මුලින්ම පය තැබූ මිනිසා වීමට ආම්ස්ට්‍රෝං සමත් විය. දැන් සඳ ගමනට වසර 50 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සව ලොව පුරා පැවැත්වෙයි. ‘සඳට  ගිහින් අවුරුදු 50’ යන මාතෘකාව යටතේ, සම්මන්ත‍්‍රණ, විශේෂාංග ලිපි, වාර්තා වැඩසටහන් පමණක් නොව චිත‍්‍රපට පවා එළිදැක්වීම ලොව පුරා සිදුවිය. බි‍්‍රතාන්‍යයේ ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය, සඳ ගමනට පනස් වසරක් සපිරීම නිමිත්තෙන්, ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම සම්බන්ධයෙන් අපූරු රස කතා පෙළක් මෙසේ ප‍්‍රසිද්ධියට පත් කර තිබුණි.

සඳට යෑම පමණක් නොව, ආම්ස්ට්‍රෝං සහ  ඕල්ඞී‍්‍රන් එක් වී, සඳ මතුපිට ඇමෙරිකන් ධජය සිටුවීම ද ආන්දෝලනයට තුඩුදුන් හේතුවෙක් විය. ඒ, 1967 දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුව, අභ්‍යවකාශයට ඔබ්බෙන් අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කර සිටි නිසාය.

සඳට ගිය පළමු මිනිසා ලෙස ආම්ස්ට්‍රෝං මෙසේ ද පැවැසීය. ‘අමුතු විදියේ මොකක් හරි දෙයක් හෝ මොනවා හරි දෙයක් හෝ දැක්කොත්, කිසියම් සතෙක් දැක්කොත් අපි ඒ ගැන වැඩි විස්තර සොයන්න  ඕනෑ. තර්ජනයක් වගේ පෙනුනොත්, නොදැක්කා සේ අහක බලාගෙන ආපසු හැරෙනවා.’

සඳ මෙහෙයුම වැරැුදුණොත් හෝ සඳේ අතරමං වුණොත් හෝ දිවි නසා ගැනීමට නාසා ආයතනය ආම්ස්ට්‍රෝංට සහ  ඕල්ඞී‍්‍රන්ට විස පෙති වගයක් ලබා දී තිබුණේ යැයි රාවයක් පැතිරිණි. කෙසේ නමුත් නාසා තහවුරු කළේ ආම්ස්ට්‍රෝංට හෝ  ඕල්ඞී‍්‍රන්ට හෝ එවැනි ‘පෙති’ අවශ්‍ය නොවුණු බවය.

‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ සඳට ගොස් ආපසු පැමිණීම අවදානම් බවත්, ඇපලෝ 11 සඳේ සිට මිනිසාට හානි කරන ජීව විශේෂයක් හෝ ලෙඩ රෝග හෝ පෘථිවියට රැුගෙන ඒවි යැයි විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් බිය පළ කරන්න වූහ. මෙසේ අනියත බියක් නිර්මාණයට එක් හේතුවක් වූයේ සඳ ගමන සිදුවුණු 1969 වසරේ දී ඇමෙරිකාවේ අතිශය ජනපි‍්‍රය වූ විද්‍යා ප‍්‍රබන්ධ නවකතාවක් නිසාය. මෙම කතාවේ නම ‘ඇන්ඩ්‍රෝමීඩා ස්ටේ‍්‍රන්’ යන්නය. මෙම කතාව ලියූ කතුවරයා ගැන එදා කවුරුවත් දැන සිටියේ නැත. ඔහු ප‍්‍රසිද්ධ චරිතයක් නොවීය. මේ කතුවරයා මයිකල් කි‍්‍රච්ටන්ය. මොහු ලොව පුරා අතිශය ජනපි‍්‍රය වූයේ ‘ජුරාසික් පාර්ක්’ චිත‍්‍රපට සඳහා පාදක වූ ‘ජුරාසික් පාර්ක්’ කෘතිය රචනා කිරීමෙනි.

සඳ ගමන සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, විශේෂ දුරකතන සේවයක් ජනතාවට ලබා දී තිබුණි. වට්ටක්කා ගොවියකුගෙන් ඇමතුමක් ලැබුණි. තමන්ගේ වට්ටක්කා ගෙඩි රාත්තල් 85 කින් බරින් වැඩිකර ගන්න සඳේ පස් යෝග්‍ය දැයි මේ ගොවියා විමසීමක් කර ඇත.

ආම්ස්ට්‍රෝං සහ  ඕල්ඞී‍්‍රන් රැුගත් ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමත්, බඩු බාහිරාදිය එම යානයෙන් පිටතට ගෙන ස්ථාපිතකිරීමත් හේතුවෙන් සඳේ ‘චන්ද්‍ර කම්පන’ සිදුවුණැයි රාවයක් පැතිරෙන්න විය. ආම්ස්ට්‍රෝං කියා සිටියේ එවැන්නක් සිදු නොවුණු බවය.

සඳ ගමන සිදුවෙද්දී සහ සජීවී දසුන් රූපවාහිනියෙන් පෙන්වද්දී,  ඕස්ටේ‍්‍රලියාවේ වොලොන්ගොන් නමැති කුඩා නගරයේ විනිසුරුවරයා ටීජේ ටවුන්ස් නඩු අසමින් සිටියේය. සඳ ගමන ගැන උනන්දුවක් දැක්වූ විනිසුරු නඩු අසන ගමන්, සඳ ගමන නැරැුඹීමට රූපවාහිනියක් අධිකරණයට ගෙන්වා ගෙන තිබුණි. එපමණක් නොව, තමන්ට බාධා කරමින් රූපවාහිනියට හරස්වුණු කීප දෙනකු අල්ලා කූඩුවට දැමීමට පවා අණ දුන්නේය.

අභ්‍යවකාශයත් ඉන්පසු සඳ තරණයත් නිරවි යුද සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව අතර පැවැති තරගයක් විය. එහෙයින් ඇමෙරිකාව සඳ තරණය කිරීම, සෝවියට් දේශය ලැබූ පරාජය විය. ඊගල් යානය සඳට ගොඩ බැසීමේ ඒ ඓතිහාසික අවස්ථාව, මොස්කව් නුවර ගුවන් විදුලි හරහා ප‍්‍රසිද්ධියට පත් කෙරුණේ සජීවීව නොව, එය සිදුවී මිනිත්තු 6 ක් ගත වෙද්දීය.

සඳේ තිබී සොයාගත් නව ඛනිජ ද්‍රව්‍යය ‘ආමල්කෝලයිට්’ යනුවෙන් නම් කෙරුණි. ඒ, ආම්ස්ට්‍රෝං,  ඕල්ඞී‍්‍රන්, කොලින්ස් තිදෙනාගේ නම්වල අකුරු එකතුවෙනි.

එදා මාධ්‍ය වාර්තා කළ අන්දමට නීල් ආම්ස්ට්‍රෝං ‘ටිකක් අමුතු විදියේ’ චරිතයකි. සඳට යෑම තරම් බාර¥ර කාර්යයක් කිරීමට ඔහුට සුදුසුදැයි ප‍්‍රශ්න කෙරුණි. නාසා අධ්‍යක්ෂ චාල්ස් බැරී, ආම්ස්ට්‍රෝං වෙනුවෙන් පෙනී සිටියේය. ‘ආම්ස්ට්‍රෝං අමුතුයි. ඒ හින්දයි ඔහු දක්ෂයා. ඔහු හොඳ කරුණාවන්ත කෙනෙක්. විහිළුකාරයෙක්. සන්වේදී චරිතයක්’ යැයි චාල්ස් බැරීමාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, ආම්ස්ට්‍රෝංගේ වෛද්‍ය වාර්තා පවා ප‍්‍රසිද්ධ කරමිනි.
 
ආම්ස්ට්‍රෝංගේ මව වියොලා බිය පළ කරමින් කියා සිටියේ, සඳුගේ මතුපිට එරෙන වැලි ඇති බවයි. ‘පුතා වැල්ලේ ගිලේවි යැයි මම බිය වුණා’ යැයි ඇය පසුව මාධ්‍ය හමුවේ කියා සිටියාය.

ආම්ස්ට්‍රෝං,  ඕල්ඞී‍්‍රන් සහ කොලිස් ආපසු පෘථිවියට පැමිණෙන දා, මාධ්‍යවේදීහු 150 ක් පමණ, හූස්ටන් හි එල් ලාගෝ පිහිටි ආම්ස්ට්‍රෝංගේ නිවස ඉදිරියට රැුස්ව සිටියහ. ‘මේක ඔබේ ජීවිතේ සතුටුම දවස නොවේදැයි’ මාධ්‍යවේදීහු ආම්ස්ට්‍රෝංගේ බිරිඳ ජැන්ගෙන් විමසූහ. ‘නෑ. මගේ ජීවිතේ සතුටුම දවස මම විවාහ වුණු දවසයි’ යැයි ජැන් පිළිතුරු දුන්නාය.

එඞ්වින් ‘බස්’  ඕල්ඞී‍්‍රන්ගේ මවගේ විවාහ වීමට පෙර නම වූයේ, ‘මේරියන් මූන්’ (මුන් යනු ඉංගී‍්‍රසියෙන් සඳ යන්නයි) යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආම්ස්ට්‍රෝං සහ  ඕල්ඞී‍්‍රන් දෙදෙනාට භූ විද්‍යාව ගැන හොඳ දැනුමක් තිබුණි. නාසා ආයතනය ඒ දැනුම ඔවුන්ට ලබා දී තිබුණි. ඒ දැනුම ලබා දීමට, ආම්ස්ට්‍රෝං සහ  ඕල්ඞී‍්‍රන් දෙදෙනා හවායි, ඇලෙස්කා, අයිස්ලන්තය, මෙක්සිකෝවටත්, ඇමෙරිකාවේ ඔරෙගන් ජනපදයේත් කැලිෆෝනියාවේත් යමහල් ආශි‍්‍රත ප‍්‍රදේශවලටත් යවනු ලැබු තිබුණි. පැය 150 ක් දෙදෙනා සඳ හත ගත කරද්දී, රැුස් කළ යුත්තේ කුමන පාෂාණ සාම්පලදැයි ඔවුහු හොඳින් දැන සිටියහ.

ඇපලෝ 11 මෙහෙයුමට දින තුනකට පෙර, ඇමෙරිකාව සමඟ සඳ තරණය වෙනුවෙන් තරග කළ සෝවියට් දේශය, ‘ලූනා 15’ රොබෝ ගවේෂණ යානය සඳට යැවීය. ඒ, සඳට ගොස් ඇමෙරිකානුවන්ට පෙර සඳේ පස් සාම්පල යළි පෘථිවියට ගෙන ඒමටය. ‘ලූනා 15’ සඳට කඩා වැටුණි.

ආම්ස්ට්‍රෝං සහ  ඕල්ඞී‍්‍රන්ගේ ‘චන්ද්‍ර සක්මන’ ට අමතරව, ඔවුන්ට නිදාගෙන විවේක ගැනීමට පැය 3 ක කාලයක් නාසා විසින් ලබා දෙනු ලැබ තිබුණි. ‘නිදාගන්න හිතක් නෑ. ආසාව වැඩියි’ කියමින් ආම්ස්ට්‍රෝන් පැය 3 යෑමට පෙර සඳට පය තැබුවේය. ඒ, සඳට පය තැබූ පළමු මිනිසා වෙමිනි.

ඇපලෝ 11 සඳ ගමන සිදුවෙද්දී, ඇමෙරිකාවේ ජනාධිපති වූයේ රිචඞ් නික්සන්ය. සඳේ සිටි ගගනගාමීන් සමඟ නික්සන් දුරකතනයෙන් කතාබහකද නියැලූණි. එම කතාබහ සජීවීව ලොව කාටත් අසන්න ලැබුණි. ජනපති නික්සන් පසුව මාධ්‍ය හමුවේ විහිළුවක් කළේ ‘හඳට ගත්ත ඇමතුමට මට ලොකු බිලක් ඒවිද දන්නේ නැහැ’ යනුවෙනි.

‘ද සන් ඇසුරිනි’


RECOMMEND POSTS

RELATED POSTS