මූදු පතුළේ අභ්‍යවකාශ කසල පිරි සොහොනක්



ලෝක සිතියමක් බලද්දී එහි වම් පැත්තේ පිහිටා තිබෙන්නේ ඇමෙරිකා මහද්වීපයයි. දකුණු පැත්තේ රුසියාව, ජපානය,  ඕස්ටේ‍්‍රලිියාව සහ නවසීලන්තයයි.

ඇමෙරිකාවත් ජපානයත් අතර සාගරය පැසිෆික් සාගරයයි. පැසිෆික් සාගරයේ දකුණු පැසිෆික් සාගර පතුළේ සොහොනක් එසේත් නැතිනම් සුසාන භූමියක් ඇත. මේ සොහොන එසේ මෙසේ එකක් නොවෙයි. මේ සොහොනේ ඇත්තේ උඩු ගුවනේ සිට පතිත වූ දහස් ගණනක් අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා සහ රොකට් කැබලි සහ සුන්බුන්ය. මෙම ස්ථානය හැඳින්වෙන්නේ ‘පොයිට් නීමෝ’ යන නමිනි.

ලතින් භාෂාවෙන් ‘පොයින්ට් නීමෝ’ යනු ‘කවුරුත් නොවේ’ යන අදහසය. මෙතැන මුහුද මීටර් 4,000 ක් ගැඹුරුය. සාගරයේ ඈතින් පිහිටි මෙම ස්ථානය කිසිම ගොඩබිමකට කිට්ටු නැත. ඒ අනුව, අභ්‍යවකාශ යානා කැබලි, රොකට් කැබලි ආදිය කඩා වැටීමට සැලැස්වීමට මෙතැන කියාපු තැනකි. අද වනවිට අභ්‍යවකාශ යානා කැබලි (මේවායින් බොහොමයක් රුසියානුවන්ගේ) 260 ක් පමණ පොයිට් නීමෝ ගැඹුරේ ඇතැයි පැවැසෙයි.

අතහැර දැමුණු සහ දෝෂවලට ලක්වුණු මෙම යානා සහ රොකට් කැබලි මෙම ස්ථානයට කඩා වැටීමට සැලැස්වීම කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සහ ලොව සෙසු අභ්‍යවකාශ ආයතනය. නියමිත ඉලක්කයට මේ සුන්බුන් වැටීමට සලස්වන්නේ, සියුම් ලෙස සිදු කරන ගණනය කිරීම් මගිනි. පොයිට් නීමෝ පළමුවෙන් භාවිතයට ගැනීම සිදුවූයේ 1971 වසරේ සිටය.

මෙතැනට පතිත කිරීමට සැලැස්වූ විශාලතම වස්තුව ලෙස සැලකෙන්නේ ’මීර්’ අභ්‍යවකාශ පර්යේෂණාගාරයයි. භාවිතයෙන් අත්හැර දැමීමෙන් පසු, ටොන් 120 ක් බර යකඩ ගොඩක් ලෙස ‘මීර්’ පර්යේෂණාගාරය 2001 වසරේ දී පොයිට් නීමෝ වෙත කඩා වැටීමට සැලැස්වීය. අද උඩු ගුවනේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ ද 2024 දී අතහැර දැමුවහොත්, එය ද පොයින්ට් නීමෝ වෙත කඩා වැටීමට සලස්වනු ඇතැයි පැවැසෙයි. 2024 වෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනය උත්සාහ ගන්නේ යළි චන්ද්‍ර මෙහෙයුමක් ඇරැඹීමටය.

නාසා විද්‍යාඥයන් සඳේ නැවැතුම්පොළක් ස්ථාපිත කිරීමට ද නියමිතය. ඒ, අඟහරු බලා ගගනගාමීන් යැවීමේ අරමුණ ඇතිවය. 2024 සිදුවන චන්ද්‍ර මෙහෙයුම ඓතිහාසික එකක් වනු ඇත. ඒ, ගගනගාමීන් පමණක් නොව, ගගනගාමිනියන් ද එම මෙහෙයුමට සම්බන්ධ වන බැවිනි. මෙහෙයුම ‘ආටිමීස්’ යනුවෙන් නම් කර ඇත.

පොයිට් නීමෝ ඇත්තේ එක් පැත්තකින් ඕස්ටේ‍්‍රලිියාවට සහ නවසීලන්තයටත්, අනෙක් පැත්තෙන් දකුණු ඇමෙරිකාවටත් මැදිවය. පොයින්ට් නීමෝ ඇත්තේ, ගොඩබිමක සිට සැතපුම් 1,600 ක් දුරිනි.

‘පොයින්ට් නීමෝ අභ්‍යවකාශ යානාවල සුසාන භූමියයි. අවට කවුරුවත් නැහැ. ගැඹුරු සාගරය පමණයි. මෙතැනට අභ්‍යවකාශ යානා සහ රොකට්ටු පතිත කිරීමට සැලැස්වීම පහසු දෙයක් නොවෙයි. සියුම් ගණනය කිරීම් අනුව කළ යුතු අසීරු කටයුත්තක්.’ යැයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ස්ටින්ජින් ලෙමෙන්ස් අදඑස් දක්වමින් පවසා තිබේ.

පොයිට් නීමෝ සුසාන භූමියේ ඇති දේවල් ගැන කීවොත්, පෙර සඳහන් කළ ආකාරයට සෝවියට්වරුන්ගේ මීර් අභ්‍යවකාශ පර්යේෂණාගාරය පතුළේ ඇත. ඊට අමතරව, රුසියානුවන්ගේ සැලුත් අභ්‍යවකාශ පර්යේෂණ ඒකක 6 ක් ද මෙහි ඇත.

රුසියානුවන් භාවිතා කළ රොකට්ටු 140 කට වැඩි ප්‍රමාණයක් මෙතැනට පතිත කර තිබේ. ජපාන රොකට්ටු ගණන 6 කි. යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අයත් රොකට්ටු සහ අභ්‍යවකාශ යානා ගණන පහකි. ඒ අතර යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ යූල්ස් වර්න් අභ්‍යවකාශ යානය ද ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාවේ ස්පේස් එක්ස් රොක්ටටුවක් ද මෙතැනට පතිත කරනු ලැබ තිබේ.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS