පෘථිවියට වින කරන ග්‍රහක 3 ක්



පසුගිය ජූනි 27 වැනිදා තවත් අති දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේය. අප මේ ගැන දැන නොසිටියත්, ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයෝ පෘථිවිය අසලින් ගිය මේ දැවැන්තයා ගැන හොඳ විමසිල්ලෙන් පසුවූහ. නාසා විද්‍යාඥයන් මේ ග්‍රහකය නම් කර ඇත්තේ ‘2008කේවී2’ යන නමිනි. මෙය අභ්‍යවකාශයේ ගමන් කරන්නේ තත්පරයට සැතපුම් හතක වේගයකිනි. මෙම ග්‍රහකයේ පළල මීටර් 330 ක් යැයි ද පැවැසෙයි. ‘2008කේවී2’ ග්‍රහකයේ ඇති විශේෂත්වය නම්, මේ ග්‍රහකයේ විශාලත්වයයි. ‘2008කේවී2’ යනුවෙන් නම් කර ඇත්තේ මෙම ග්‍රහකය මුලින්ම දකින්න ලැබී ඇත්තේ 2008 වසරේදී වීම නිසාය.

ග්‍රහකය, පසුගිය ජූනි 27 වැනිදා, ග්‍රහකය පෘථිවියේ සිට සැතපුම් මිලියන 4 ක් දුරින් ගමන් කළේ යැයි පැවැසෙයි. එම දුර පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 17 ගුණයකි. අභ්‍යවකාශයේ දුර අනුව නම්, මේ ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කළේ ගෑවී නොගැවීය. එහි ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූයේ නම්, එය පෘථිවියේ හැපීමටත්, මහා විනාශයක් සිදුවීමටත් ඉඩ තිබුණු බව ද පැවසෙයි. කෙසේ නමුත් වාසනාවට එවැනි අනතුරක් සිදු වූයේ නැත

පෘථිවියේ ගැටේවි යැයි බිය පළ කෙරෙන ග්‍රහක සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයෝ සැමවිටම විමසිල්ලෙන් පසුවෙති. පෘථිවියට නුදුරින් විශ්වයේ ගමන්කරන මෙවැනි ග්‍රහක කැබලි, උල්කා ආදිය හැඳින්වෙන්නේ ‘නියෝ’ භැ්ර-ෑ්රඑය දඉවැජඑ :භෑධ* යනුවෙනි. ‘2008කේවී2’ විශාලත්වයෙන් වැඩිම ‘නියෝ’ ලෙස නාසා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.

‘නියෝ’ යනුවෙන් හැඳින්වෙන්නේ පෘථිවියට සැතපුම් මිලියන 120 ක සීමාවක් ඇතුළත ගමන් කරන අභ්‍යවකාශ වස්තූන්ය. නාසා බිද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, අද හෙට නොවෙයි, අනාගතයේ කවදා හෝ දිනෙක පෘථිවියට අනතුරක් කළ හැකි ‘නියෝ’ දහස් ගණනක් විශ්වයේ සැරිසරමින් ඇති බවය. ‘නියෝ’ එසේත් නැතිනම් පෘථිවිය අසලට පැමිණෙන ග්‍රහක සම්බන්ධයෙන් පසුගිය 30 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර ග්‍රහක දිනයේදී ද කතාබහට ලක් විය. තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ පෘථිවියට අනතුරක් වේවි යැයි සැක කෙරෙන ග්‍රහක සම්බන්ධයෙන් මෙහිදී සම්මන්ත්‍රණ පවා සිදුවිය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද මැදිහත් වීමෙනි.

නිසැක වශයෙන්ම පෘථිවියේ හැපෙනු ඇතැයි ගණනය කර ඇති දැවැන්ත ග්‍රහක තුනක් ගැන නාසා විද්‍යාඥයන් විස්තර අනාවරණය කර ඇත. මේ විස්තර අනාවරණය කර ඇත්තේ, සියුම් ලෙස සිදු කළ ගණනය කිරීම් අනුවය. එම ගණනය කිරීම් සඳහා සුපිරි පරිගණක විද්‍යාඥයන්ට පහසුවක් වී තිබේ. එයින් එක් ග්‍රහකයක විශ්කම්භය මීටර් 2000 කි. එය පෘථිවියේ හැපීමට පැමිණෙනු ඇත්තේ 2880 වසරේදීය. අනෙක් ග්‍රහක දෙක ඊට පෙර එනම් 2185 වසරේදීත්, 2196 වසරේදීත් පෘථිවියේ හැපීමට පැමිණෙනු ඇත. 2196 දී පැමිණෙන ග්‍රහකය ‘101955 බෙන්නු’ ය.

‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS