උමතු ඝාතකයාගේ සටහන්



නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී අමු අමුවේ මිනිස් ඝාතන සිදු කළ 28 හැවිරිදි ඕස්ට්‍රේලියානුවා බ්‍රැන්ටන් ටැරන්ට් මුස්ලිම් විරෝධී සුදු ජාතික අන්වාදියෙකි. ඔහු කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 49 කි. තවත් 48 ක් තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර, ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි.

අන්ත දක්ෂිණාංශික අදහස් ඇති අයකු වන බ්‍රැන්ටන් ටැරන්ට්, තමා මෙම ඝාතන කරන්නේ ඇයිදැයි පැහැදිලි කරමින්, පිටු අසූ ගණනක ලියවිල්ලක් ද ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

බ්‍රැන්ටන් ටැරන්ට් ගිනි අවි කිහිපයක් සහ පතුරම් සහිත මැසීන රැසක් භාවිතයට ගත්තේය. ඝාතන සිදු කිරීමට යොදා ගත් ගිනි අවියේත්, මැගසීන්වලත් සුදු අකුරෙන් පුද්ගලයන්ගේ නම්, විවිධ රටවල්, නගර සහ ස්ථාන ආදිය සම්බන්ධයෙන් විස්තර ලියා ඇත.

සුදු අකුරුවලින් ලියා ඇත්තේ, අතීතයේ මුස්ලිම් ආධිපත්‍යය පොව ප්‍රචලිත කළ ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුණු පුද්ගලයන් ගැනත්, එම සටන් ගැනත් විස්තරය. මේ සටහනට පාදක වන්නේ එයයි.

1. ඬේවිඞ් සොස්ලාන් - 12 සහ 13 වැනි සියවසේ ජෝර්ජියානු රජෙකි. අසල්වැසි මුස්ලිම් රටවල මුස්ලිප්වරුන්ට එරෙහිව සාර්ථකව සටහන් මෙහෙයවීය.

2. ජෝර්ජියාවේ හතරවැනි ඬේවිඞ් - ජෝර්ජියානු ඉතිහාසයේ විශිෂ්ඨතම පාලකයා ලෙස සැලකෙයි. වර්ෂ 1121 දී ඩිඞ්ගෝරි සටනේදී තුර්කි හමුදා රටින් පන්නා දැම්මේය.

3. දිමිත්‍රි සෙන්යාවින් - රුසියානු අද්මිරාල්වරයෙකි. 1787 සිට 1792 දක්වාත්, ඉන්පසු 1806 සිට 1822 දක්වාත් පැවැති රුසියා තුර්කි සංග්‍රාමයේදී තුර්කි හමුදාවට එරෙහිව සටන් මෙහෙයවීය.

4. සර්බාන් මිල්ජානෝව් - රොමේනියානු කුමාරයෙකි. කොන්ස්තන්තිනෝපලයේ සටන් මෙහෙයවමින්, ඔටෝමාන්වරුක් (තුර්කිවරුන්) යුරෝපයෙන් පන්නා දැමීය.

5. මාර්කෝ මිල්ජනෝව් - මොන්ටෙන්‍රීගෝ හමුදා ජනරාල්වරයෙකි. ඔටෝමාන්වරුන්ට එරෙහිව අවස්ථා ගණනාවකදී සටන් මෙහෙයවා ජයග්‍රහණය කළේය.

6. ස්ටෙෆාන් ලැසර්වික් - සර්බියානු කුමාරයෙකි. කලක් ඔටෝමාන්වරුන්ගේ දාසයෙකි. පසුව ඔවුන්ගෙන් බේරි පලාවිත්, නිදහස් රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කළේය.

7. එඞ්වර්ඞ් කොඞ්රින්ග්ටන් - බ්‍රිතාන්‍ය හමුදාවේ අද්මිරාල්වරයෙකි. නිදහස වෙනුවෙන් කළ ග්‍රීක යුද්ධයේදී, ඔටෝමාන්වරුන් සමඟත් ඊජිප්තු ජාතිකයන් සමඟත් සටන් වැදුණේය. ඔටෝමාන්වරුන්ගෙන් ග්‍රීසිය නිදහස් කර ගැනීමට ග්‍රීක වැසියන්ට සහාය දුන් අයෙකි.

8. මාකෝ ඇන්තෝනියෝ බ්‍රැගාඩින් - වෙනිස් ජනරජයේ හමුදා නිලධාරියෙකි. තුර්කිය සයිප්‍රසයට පහර දුන් අවස්ථාවේදී, ඊට එරෙහිව පෙරළා සටන් වැදුණු අයෙකි. නගරයේ ඉතිරි වූ ක්‍රිස්තියානුවන් සමඟ මොහු යටත් වුණු අවස්ථාවේදී, තුර්කි හමුදා ජනරාල්වරයකු අතින් මැරුම් කෑවේය.

9. අර්න්ස්ට් රුඞ්ගල්ර් වොන් ස්ටාර්හැම්බර්ග් - වියානා හමුදා ආණ්ඩුකාරවරයෙකි. ඔටෝමාන්වරුන්ගෙන් වියානා නගරය බේරා ගැනීම සඳහා 1683 දී වියානා සටනට සම්බන්ධ විය. (මේ සටන ගැන උම්මත්තක ඝාතකයා බ්‍රෙන්ටන් ටැරැන්ට් බොහොම අවධානයෙන් සහ උනන්දුවෙන් සටහන් රැසක් ලියා ඇති බව පැවැසෙයි.)

1. වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියේ පළමුවෙන් ම ඇත්තේ ‘හියර්ස් යෝ මයිග්‍රේෂන් කොම්පැක්ට්’ යන්නය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කළ ගිවිසුමකි. එය සිදුවූයේ 2016 දී මැදපෙරදිග රටවලින් වැල නොකැඩී සංක්‍රමණිකයන් මිලියන ගණනින් යුරෝපා රටවලට පැමිණෙද්දීය. මෙම එක්සත් ජාතීන්ගේ ගිවිසුම අන්ත දක්ෂිණාංශික මතධාරීන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය.

2. ජෝන් හුන්යාඩි - 15 වැනි සියවසේ කැපී පෙණුන හංගේරියානු හමුදා නිලධාරියෙකි. රටේ දකුණු දේශසීමා ආරක්ෂා කිරීමේ වගකීම මොහුට පැවැරී තිබුණේය. ඒ, ඔටෝමාන්වරුන්ට එරෙහිවය.

3. ෆෝටීන් වර්ඞ්ස් - ෆෝටීන් වර්ඞ්ස් එසේත් නැතිනම් ‘වචන 14 ක්’ යන්න හිට්ලර්ගේ චරිතාපදානයෙන් ගත් සටන් පාඨයකි.

4. ටුවර්ස් 732 - ක්‍රි.පූ. 732දී ටුවර්ස් යුද්ධය හා සම්බන්ධ වෙයි. ප්‍රංශය ආක්‍රමණයට පැමිණි අවසන් අරාබි හමුදාව පරාජය වූයේ මෙම යුද්ධයේදීය. අරාබි හමුදාවේ පරාජය සිදුවූයේ හමුදා නිලධාරියකු මෙන්ම රජකු ද වූ චාල්ස් මාර්ටෙල්ගේ මෙහෙයවීමෙනි.

5. ටර්කෝෆාගෝස් - මෙය ග්‍රීක වදනකි. මෙහි අදහස ‘ටර්ක්වරුන් විනාශ කරන්නා’ යන්නය. 1784 සිට 1849 තෙක් ඔටෝමාන්වරුන්ට එරෙහි කළ සටනේ දී වීරයකු වූ නිකිටාස් ස්ටැමැටෙලොපොලස් හැඳින්වූයේ මේ නමිනි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS