‘වැලන්ටයින්’ අගෞරවයක් නොවේ



පාකිස්තානය, ඉන්දුනීසියාව ඇතුළු මුස්ලිම් රටවල් පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය සම්බන්ධයෙන් විරෝධය පළ කරද්දී, සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ පූජකයකු පවසා ඇත්තේ වැලන්ටයින් සැමැරුම් ෂරියා නීතියට අගෞරවයක් නොවන බවය.

මෙසේ පවසා ඇත්තේ සෞදියේ ‘ආගමික පොලිසිය’ ට සම්බන්ධ අහ්මද් කසීම් අල් ගම්දිය. ‘වැලන්ටයින් දිනය සමාජ සබඳතා වැඩි දියුණු වන දිනයක්. තරුණ තරුණියන් එකිනෙකාට සුබ පැතීමක්. එවැනි සැමරුමක් කිසිම අවස්ථාවක ෂරියා නීතියට අගෞරවයක් වෙන්නේ නැහැ’ යැයි අහ්මද් කසීම් අල් ගම්දි පවසා ඇත.

පාකිස්තානය සහ ඉන්දුනීසියාව වැලන්ටයින් දිනය විවේචනය කරමින්, වැලන්ටයින් සැමරීම තරුණ තරුණියන්ට තහනම් කිරීමට කටයුතු කර තිබුණි. වැලන්ටයින් දින විරෝධී රැළි කිහිපයක් ද පාකිස්තානයේ නගර කිහිපයක පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS