ෆුජයිරා නියෝජ්‍ය පාලකයා මියයයි



ෆුජයිරා හි නියෝජ්‍ය පාලක, ෂයික් හමාඩ් බින් සයිෆ් අල්-ෂර්කි  පසුගිය බදාදා(මාර්තු29) මියගිය බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

සියළුම ආගමක වතාවත් ෆුජයිරා හි ෂයික් ෂයෙඩ් මහා පල්ලියේදි සිදුකිරීමෙන් අනතුරුව දේහය පිළිබද අවසන් කටයුතු බ්‍රහස්පතින්දා(මාර්තු 30) සිදුකිරීම නියමිතව ඇත. 

ෆුජයිරා පාලක, අතිගරු ෂයික් හමාඩ් බින් මොහොමඩ් අල්-ෂර්කි සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

ෆුජයිරා හි දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ශෝක කාලය තුලදී එම්රේට්ස් ජාතික ධජය අඩකුඹු කර තබනු ලබයි. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS