හොර උපාධිධාරීන්ට නඩු



කුවේටයේ පුද්ගලයන් පනස් දෙනෙක් (50) හොර උපාධි ලබාගෙන රැකියා කරන බවට හෙළිවීමෙන් පසු නඩු පැවරීමට කටයුතු කරන බව කුවේට් උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

හොර උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් කුවේටය තුල සිටින බවත් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරතව සිටින උපාධිධාරීන්ගේ උපාධි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

දැනට වැරදිකරුවන් වී සිටින උපාධිධාරීන්ගේ නඩු විභාග කිරීම ලබන වසර ආරම්භයේදි සිදුකිරීමට රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය සැළසුම් කර ඇත.

කුවේට් ජාතිකයන් වැඩිදෙනෙක් ඊජිප්තු විශ්වවිද්‍යාලවලින් හොර උපාධි ලබාගෙන ඇති බවට තහවුරු වීමෙන් පසු පිළිගත් ඊජිප්තු විශ්වවිද්‍යාල සංඛ්‍යාව 30 සිට 07 දක්වා අඩු කිරීමට කුවේට් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS