හදිසියේ හමුවෙලා



තුර්කියට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර ‘හදිසි හමුවක්’ අන්කාරා සෙන්බෝගා ගුවන්තොටුපොළේ දී පැවැත්විණි.

විනාඩි 40 ක් පුරාවට පැවැත්වුණු එම ‘හදිසි හමුව’ හමුවට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පමණක් නොව තුර්කි විදේශ ඇමැති මෙවුලූත් කවුසෝග්ලූ ද සම්බන්ධ වී සිටියේය.

‘හදිසි හමුවට’ මුල් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයේදී, ඉකුත් දෙවැනිදා අතුරුදන් වුණු සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන 60 හැවිරිදි ජමාල් කශෝගී සම්බන්ධයෙනි.

කාශෝගී කොන්සල් කාර්යාලයේ දී කපාකොටා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, තුර්කි රජය එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි පවා ඉදිරිපත් කර ඇති බව පැවැසෙයි. කෙසේ නමුත් එල්ල වන එම චෝදනා සියල්ල සෞදි රජය සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

කාශෝගී මුල්කොට ගනිමින්, විනාඩි 40 ක් තිස්සේ පැවැති එම හදිසි හමුවෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ කියා සිටියේ තුර්කි ජනාධිපතිවරයා හමුවී පැවැති සාකච්ඡුා සාර්ථක වූ බවත් ඵලදායී වූ බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS