සෞදියේ ආසාදිතයෝ 900 ක්



සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 900 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය (කොවිඩ් -19)පුද්ගලයන් 133 දෙනෙක්ට අලුතින් ආසාදනය වී ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ආසාදිතයන් 133 දෙනාගෙන් 18 දෙනෙක් විදේශ සංචාරවල නිරත වී ඇති අතර,115 දෙනෙක් ආසාදිතයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව වාර්තා වේ. .

ආසාදිතයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හතර දෙනෙක් සිටින බවත්, 46 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, මොහොමඩ් අල්-අබ්ද් අල්-අලි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS