සෞදිය සමඟ දිගුකාලීන හවුල්කාරීත්වයක්



සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ඇඩෙල් අල්- ජුබීර් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයික් පොම්පියෝ වොෂිංටන්හිදී මුණගැසී සාකච්ඡා කර ඇත.

සෞදි අරාබිය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරීත්වයක්ඇති කරගැනීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළ බව වාර්තා වේ.

සෞදි ජනතාවගේ ආරක්ෂාව සහ කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂාව මෙන්ම සාමය සඳහා දායකත්වයක් ලබාදීමට සෞදි-එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතාවල ඇති වැදගත්කම නායකයන් දෙදෙනා අවධාරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS