සෞදි රජු නිල නොවන සංචාරයක



සෞදි රජු, සල්මන් බින් අබ්දුලසිස් අල් සවුද් පෞද්ගලික සංචාරයක් සඳහා මොරෙක්කෝ රාජ්‍යය බලා පිටත්ව ගිය බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

මොරොක්කෝ අගමැති, සඩේඩීන් අල්-මත්මානි, වාලි ආණ්ඩුකාර, ටැන්ජියර් ටැට්වාන් මොහොමඩ් යාකූබි සහ ඉහළ පෙළේ නිලධාරීන් සෞදි රජුව ඉතා උණුසුම් ආකාරයෙන් ටැන්ජියර් ඉබන් බටූටා ගුවන් තොටුපළේදි පිළිගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සිය පෞද්ගලික සංචාරය නිමා කරන තෙක් සියළු බලතල ඔටුන් හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍යසහ ආරක්ෂක අමාත්‍ය, මොහොමද් බින් සල්මන් බින් අබ්දුලාසිස් අල් සවුද් ට සෞදි රජු පවරා ඇති බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS