සෞදි යුද නැවකට පහර දෙයි



යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් සමඟ එක් වී සිටින එරට හමුදාව, යේමනයේ මුකාහ් වරාය නගරයට ඔබ්බෙන් මුහුදේ රඳවා තැබුණු සෞදි යුද නැවකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මුකාහ් වරාය නගරය පිහිටා ඇත්තේ යේමනයේ තායිස් පළාතේය. යේමන රජයේ හමුදා සහ හවුති සටන්කාමීන්ගේ ප්‍රහාරයට ලක්වුණු එකොලොස් වැනි යුද නැව මෙය යැයි ද පැවැසෙයි.

යේමනයේ හවුති සටන්කාමීන්ට එරෙහිව සෞදිය පමණක් නොව අරාබි රටවල් කිහිපයක් අත්වැල් බැඳගෙන සිටී. ඔවුන් යුද නැව් පමණක් නොව, ප්‍රහාරක ගුවන් යානා ද යොදා ගනිමින් හවුති සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS