සෞදි පිරිමි දරුවන්ට ඉගැන්වීමට අවසර



සෞදි අරාබියේ ගුරුවරියන්ට ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්නා පිරිමි ළමුන්ට ඉගැන්වීම සඳහා අවසර දීමට සෞදි රජය සැලසුම් කර ඇති බවට වාර්තා වීමත් සමගම සෞදි අරාබිය තුල යම් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වාර්තා කළේය.  

සෞදි අරාබියේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව පාසල් සහ විශ්ව විද්‍යාලයන් වල පිරිමි සහ ගැහැණුළමුන් වෙන් වෙන් වශයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වේ.

අදාල සැලසුම තවමත් අධ්‍යයනය කරමින් සිටින අතර අධ්‍යයනය අවසන් වීමෙන් පසු අවසාන තිරණය ප්‍රකාශයට පත්කරන බව සෞදි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ලිංගභේදය මත පදනම් වු අධ්‍යාපන ක්‍රමය ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර අදාල කමිටුව මාස තුනක් ඇතුලතදී කරුණු අධ්‍යනය කර වාර්තාවක් සෞදි අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සෞදි අධ්‍යාපනය ක්‍රමය බටහිරකරණය කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවට බොහෝ සමාජ ජාල පරිශීලකයන් තම අදහස් සමාජ ජාල වෙබ් අඩවිවල පළකර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS