සෞදි ජනගහනය මිලියන 32.6



සෞදි අරාබියේ ජනගහනය මිලියන 32.6 දක්වා වැඩි වී ඇති බව සෞදි සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත.

2016 වර්ෂය අවසන් වනවිට සෞදි ජනගහනය 31,742,308ක් ලෙස පැවති අතර 2017 වර්ෂයේ මුල් මාස හය අවසන් වනවිට 32,552,336ක් (2.52%) දක්වා වර්ධනය වී ඇත. පිරිමි 57.48%ක්ද කාන්තාවන් 42.53%ක් සෞදි ජනගහනයට අයත් වන අතර 2016දිපිරිමි 57.44%ක්ද කාන්තාවන් 42.56%ක් විය. 

සමස්ථ ජනගහනයෙන් 62.69%ක් සෞදි ජාතිකයන් වන අතර එය 20,408,362කි. 2016 වර්ෂය අවසන් වනවිට 20,064,970ක් වු අතර2017දි සෞදි ජාතිකයන් 343,392ක්ජනගහනයට එකතු වී ඇත.

සෞදි ජාතිකයන්ගේ ස්ත්‍රී-පුරුෂ සමබරතාවය සමතුලිතව පවතින අතර පිරිමින් 50.94% සහ කාන්තාවන් 49.9% වේ.

විදේශිකයන් 37%ක් සෞදි ජනගහනය නියෝජනය වන අතර මිලියන 12.2ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS