සෞදි ගෘහ සේවක/සේවිකාවන්ට බැංකු ගිණුම්



සෞදි අරාබියේ සේවය කරනු ලබන ගෘහ සේවක/සේවිකාවන්ට තමන්ගේ බැංකු ගිණුම් පවත්වාගෙන යැමේ අවස්ථාවක් හිමි වන බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය. 

ගෘහ සේවක/සේවිකාවන්ට තමන්ගේ බැංකු ගිණුම් පවත්වාගෙන යෑමට අවස්ථාව හිමි කර දීම සෞදි කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වේ. 

ගෘහ සේවක/සේවිකාවන්ට නිසියාකාරව මාසික වේතනය ලැබෙනවාද නැද්ද යන්න සහ ඔවුන්ගේ ගිවිසුම් වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම බැංකු ගිණුම් පවත්වාගෙන යෑම තුලින් සෞදි රජයට අවස්ථාව හිමිවනු ඇත. 

ගෘහ සේවක/සේවිකාවන්ගේ සහ සේවායෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, රැකියා සුරක්ෂිතභාවය වර්ධනය කිරීම සහ සතුටුදායක වැඩ පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සෞදි කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක කලීඩ් අබල් කයිල් ප්‍රකාශ කළේය. 

පළමු අදියරයේදි සේවායෝජකයින්ට තමන් පවත්වාගෙන යනු ලබන සේවා කොන්ත්‍රාත්තු ගැන සහ සේවකයින්ට ගෙවනු ලබන මාසික වේතනයන් ගැන විස්තරයන් www.musaned.gov.sa වෙබ් අඩවිය හරහා දැණුම් දිය යුතු වෙනවා. 

සේවායෝජකයින් විසින් අදාල තොරතුරු සැපයීමෙන් පසු ඉදිරි දින කීපයේදි සේවක/සේවිකාවන්ට තම බැංකු ගිණුම් ආරම්භ කිරීමට හැකියාව ලැබේ. 

කිසියම් ගැටළුකාරි තත්ත්වයක් හෝ සේවා ගිවිසුම් උල්ලංඝනය කිරීමක් සිදුවී  ඇත්නම් www.musaned.gov.sa යන වෙබ් පිටුව හරහා හෝ 19911 යන දුරකථනයට දැණුම් දෙන ලෙස සෞදි කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක කලීඩ් අබල් කයිල් සේවකයින්ගෙන් සහ සේවායෝජකයින්ගෙන් ඉල්ලීමක් කළේය.   


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS