සිරියාවේ ආයුධ ගබඩාවක් පිපිරී 39 ක් මරුට



සිරියාවේ ආයුධ ගබඩාවක සිදුවුණු පිපිරීමකින් කුඩා දරැවන් 12 දෙනකු ද ඇතුළු 39 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පිපිරීම සිදුවූයේ ඉඩ්ලිබ් පළාතේ සර්මාදා නගරයේ පිහිටි ආයුද ගබඩාවකය. ඉඩ්ලිබ් පළාත පමණක් නොව මෙම ආයුද ගබඩාව පිහිටි සර්මාදා නගරය ද සිරියානු රජයට එරෙහිව සටන් වදින කැරුලිකරැවන්ගේ ග්‍රහණයේ පැවැති බව පැවැසෙයි.

කැරුලිකරැවන් ඔවුන් සතු අවි ආයුධ සහ පතුරම් ගබඩා කර තබා ඇත්තේ මෙහි යැයි පැවැසෙයි. පිපිරීමත් සමඟ සර්මාදා නගරයේ ගොඩනැගිලි සහ නිවාස රුසක් මුළුමනින්ම බිමට සමතලා වූ බව ද වාර්තා වේ. තවත් පුද්ගලයන් බොහෝ දෙනකු අතුරැදන් බව ද වාර්තා වේ. නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කරමින් තුවාල ලැබූවන් සහ අතුරැදන් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි.

ආයුධ ගබඩාවේ මෙමම පිපිරීම සිදුවූයේ සිරියානු රජයේ හමුදා කළ ප්‍රහාරයකින් යැයි සැක කෙරේ. ඉඩ්ලිබ් පළාත කැරුලිකරැවන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සූදානමින් සිටී. ඒ, ඔවුන්ට සහාය දක්වන රැසියානු සහ ඉරාන හමුදාවේ සහාය ඇතිවය.

(රොයිටර්)


RECOMMEND POSTS