සිරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට ඇමෙරිකාවට එන්න බෑ



ඇකඩමි ඇවෝඞ්ස් හෙවත් ‘ඔස්කාර්’ සිනමා සම්මාන උලෙළේ, වාර්තා චිත්‍රපට අතරට නාම යෝජනා වුණු, ‘වයිට් හෙල්මට්ස්’ නමැති වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිරියානු ජාතික කලීබ් කටාබිට ඇමෙරිකාවට පැමිණීම ගැටලුවක් වී ඇත.

21 හැවිරිදි කටාබිට සම්මාන උලෙළට සහභාගීවීම සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට පැමිණීම ගැටලුවක් වී ඇත්තේ ඇමෙරිකාවට ඇතුළුවීමට අවශ්‍ය නිසි ලියකියවිලි ඔහු සතුව නොතිබීමය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික නීතිරීති ද ඔහුට හරස් වී ඇතැයි වාර්තා වේ.

‘වයිට් හෙල්මට්ස්’ යනු විනාඩි 40 ක වාර්තා චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කර ඇත්තේ ඇමෙරිකාවේ නෙට්ෆ්ලික් සමාගමය.

චිත්‍රපටයට පාදක වන්නේ සිරියාවේ අවි ගැටුම්වලින් අසරණ වී විපතට පත්වන සිරියානු සිවිල් වැසියන් බේරා ගන්නා ජීවිතාරක්ෂකයින් සහ වෛද්‍ය ආධාරකරුවන් ය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS