සිරකරුවන් 353 කට සමාව



රාමදාන් මාසය උදාවීම නිමිත්තෙන් බන්ධනාගාර ගත කර සිටි සිරකරුවන් තුන්සිය පනස් තුන්දෙනෙකුට(353) සමාව ලබාදෙන ලෙස ඕමාන් නායක, සුල්තාන් කාබූස් බින් සෙයිඩ් නියෝග කර ඇති බව වාර්තා වේ.

නිදහස් කරනු ලබන සිරකරුවන් තුන්සිය පනස් තුන්දෙනා අතර විදේශිකයන් එකසිය තිස් තුන්දෙනෙක්(133) සිටින බව ඕමාන රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

ඕමාන තුල සිදු වු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයන් බව ඕමාන රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS