සිරකරු හුවමාරුවකට කැමැත්තෙන්



ඇමෙරිකාව සමඟ සිරකරු හුවමාරුවකට ඉරානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

ඉරාන රජය වෙනුවෙන් සිරකරු හුවමාරුවකට කැමැත්ත පළ කර ඇත්තේ ඉරාන විදේශ ඇමැති ජවාඩ් සරීෆ් ය. ඒ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ විදෙස් සබඳතා පිළිබඳ සමුළුවකට එක් වෙමිනි.

ඇමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලුවේ යැයි චෝදනා සම්බන්ධයෙන්, ඉරාන අත්අඩංගුවේ ඇමෙරිකන් සිරකරුවෝ බොහෝ දෙනකු සිටින අතර, ඇමෙරිකන් අත්අඩංගුවේ ද ඉරාන සිරකරුවන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ.

ඇමෙරිකා ඉරාන සබඳතා 2015 දී යහපත් වූයේ, බැරැක් ඔබාමාගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙනි. කෙසේ නමුත් 2018 දී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉරාන විරෝධී ප්‍රතිපත්ති ඇමෙරිකා - ඉරාන සබඳතා අවුල් කර දැමීය. එසේ වුවත්, 2018 සිට මේ දක්වා අවස්ථා කීපයකදී, ඉරානයත් ඇමෙරිකාවත් අතර සිරකරු හුවමාරු සිදුවී තිබේ.

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS