සාම සාකච්ඡාවලට සහයෝගය



යේමන රජය සහ ඉරානය සහය දක්වන හවුදි ගරිල්ලන් අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජෝර්දානයෙන් කළ ඉල්ලීමට කැමත්ත පළ කර ඇති බව වාර්තා වේ. 

යේමන රජය සහ හවුදි ගරිල්ලන් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහාද සාකච්ඡා කරන අතර පවුල් දහස් ගණනකට නැවත එකට එක් වීමේ අවස්ථාව හිමි වේ.

“අපි සිරකරුවන් හුවමාරු කරගැනීමේ සාකච්ඡා ආරම්භ කිරීමට සහයෝගය දක්වන්න කැමැත්ත පළ කළා.’’ යනුවෙන් ජෝර්දාන් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS