සාකච්ඡාවලට කැමැති වෙලා



යේමන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ස්විඩනයේ පැවැත්වීමට නියමිත සාම සමුළුවට සහභාගී වීමට යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් සහ සෞදිය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයක සහාය ලබන යේමන රජය එකඟත්වය පළ කර තිබේ.

සාම කතා පැවැත්වීම සිදුවන්නේ යේමනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයාගේ මැදිහත් වීමෙනි.

යේමන රජයට සහාය දක්වන සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හවුති කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර මේ වනවිට නවතා දමා ඇත්තේ ද මෙම සාම සමුළුව සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS