ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට රිංගු මීයා කරපු වැඩේ



සෞදි අරාබියේ පිහිටි බැංකුවක  ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට මියෙකු රිංගා සෞදි රියාල් 500, 100, 50 මුදල් නොට්ටු විශාල සංඛ්‍යාවක් කා දමා ඇති බව අක්බාර්24 ප්‍රවෘත්ති සේවය වාර්තා කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.  

මියා කා දමන ලද මුදල් නොට්ටු වල ඡායාරූප සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුල සිටින මියාගේ ඡායාරූප සමාජජාල වෙබ් අඩවි තුල පළ වීමත් සමඟ සමාජජාල භාවිතා කරන්නන් ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණු බව වාර්තා වේ.  

කුමන නගරයක පිහිටි බැංකුවක මෙම සිද්ධිය සිදුවුවාද යන්න වාර්තා වී නොමැත.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS