සල්ලි ගන්නේ නෑ



උදාවන ඊඩ් අල්-අඩා උත්සව සමයේ, ඩුබායි නගරයේ රථගාල්වලට පැමිණෙ මෝටර් රථවලින් මුදල් අය නොකරන බව  ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අගෝස්තු 19වන දින සිට අගොස්තු 24 දක්වා ක්‍රියාත්මක කරන බව නිවේදනයේ සඳහන් කර ඇත.

අදාල කාලසීමාව තුල සාමාන්‍ය රථගාල්වලින් පමණක් මුදල් අයනොකරන අතර, වාහන නැවැත්වීමේ පර්යන්තවලින් මුදල් අයකිරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත් අගොස්තු 25 දින සිට නැවතත් රථගාල්වලින් මුදල් අයකරන බව අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS