සමාජ ජාලවලට ආචාර ධර්ම



සමාජ ජාල භාවිතා කරන පරිශීලකයන්ට ආචාර ධර්ම හඳුන්වාදීමට ඕමානය සැරසෙයි.

සමාජ ජාල වෙබ් අඩවි සහ මෘදුකාංග හරහා සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන් වැළැක්වීම සඳහා ආචාර ධර්ම හඳුන්වා දීමට ඕමාන් තොරතුරු හා සංස්කෘතික කමිටුවඕමාන් රජය සමඟ කටයුතු කරන බව වාර්තා වේ.

ආචාර ධර්ම හඳුන්වා දීම සම්බන්ධයෙන් සුල්තාන් කාබූස් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය සහ ඕමාන් ජනමාධ්‍යවේදි සංගමය සමඟ ඕමාන් තොරතුරු හා සංස්කෘතික කමිටුව සාකච්ඡා කරන බව වාර්තා වේ. 

ව්‍යාජ ගිණුම්, දුෂමාන ආරංචි සහ සමාජ ජාල අවභාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගැනීමට ඕමාන් තොරතුරු හා සංස්කෘතික කමිටුව අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS