සමාගම් ආරක්ෂා කරන්න සහන දෙයි



කොරෝනා වසංගතය හේතුවෙන් එමිරේට්ස් සමාගම්වලට සිදු වී ඇති පාඩුව අවම කරගැනිම සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි.

අදාල තීරණයත් සමඟ සමාගම්වලින් අය විය යුතු ගාස්තු සම්පූර්ණයෙන්ම හෝ අඩක් කපාහැරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ෆෙඩරල් සැපයුම් ලේඛනයේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට අය විය යුතු ගාස්තු 50% කින් (ඩිරාම් 1,000 සිට 500 දක්වා) අඩු කර ඇති අතර, අවලංගු කිරීමේ සහ අලුත් කිරීමේ ගාස්තුද ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ඊට අමතරව, ෆෙඩරල් ආයතනවල ටෙන්ඩර් ලේඛන විකිණීමේ ගාස්තු මුදල් අමාත්‍යාංශය ඉවත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS