සටන් විරාමයකට කැමැතියි



සටන් විරාමයකට තමන් සූදානම් බව සිරියාවේ ගූඨා පළාතේ ඉතිරි වී සිටින ‘ෆයිලාක් අල් රහ්මාන්’ නමැති සන්නද්ධ කල්ලිය පවසා ඇතැයි සිරියානු රජය කියයි.

‘ෆයිලාක් අල් රහ්මාන්’ සන්නද්ධ කල්ලිය අයි.එස්. ත්‍රස්තවාදීන්ට හවුල් යැයි සිරියානු රජය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද මැදිහත්වීමෙන් ‘ෆයිලාක් අල් රහ්මාන්’ කල්ලිය සහ සිරියානු රජය අතර සටන් විරාමය මධ්‍යම රාත්‍රියේ ලෙස ආරම්භ වීමට නියමිතව ඇතැයි ද පැවැසෙයි.

ගුඨා යනු මුළුමනින්ම ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රදේශයක් විය. දරුණු සටන්වලින් පසු ගූඨා පළාතේ සියයට 70 ක ප්‍රමාණයක් තම ග්‍රහණයට නතු කර ගැනීමට සිරියානු රජය මේ වනවිට සමත් වී සිටී.

ගූඨා පළාත ඇත්තේ සිරියානු කඳුකරයේය. ඊට පිවිසීමට ඇති සියලු මාර්ග සිරියානු රජයේ හමුදා විසින් මේ වනවිට අවහිර කර තිබේ.

සටන් විමාරය ආරම්භ වන්නේ සටන්වලින් තුවාල ලැබූ සිවිල් වැසියන්ට ආධාර ලබා දීමේ ප්‍රධාන අරමුණින්ය.

සටන් හේතුවෙන් දහස් ගණනින් සිරියානු සිවිල් වැසියෝ මෙම පළාතේ කොටු වී සිටින බව ද පැවැසෙයි. ඔවුන්ට කඩිනමින් මානුෂීය ආධාර ලබා දීම කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS