ෂෙල් ප්‍රහාරයෙන් වාහන ගණනාවකට හානි



හවුති සටන්කාමීන් යේමනයේ සිට එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සෞදි -යේමන දේශසීමාවේ පිහිටා ඇති සෞදි රාජ්‍යයට අයත් නජ්රාන් පළාතේ නවතා තිබු වාහන ගණනාවකට අලාභහානි සිදුවී ඇති බව Almowaten පුවත්පත වාර්තා කළේය.

ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර ෂෙල් වෙඩි උණ්ඩ කැබලි වැදීමෙන් නවතා තිබු වාහන වලට අලාභ හානි සිදු වු බව නජ්රාන් මහජන ආරක්ෂණ ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක, කැප්ටන් අබ්දුල්කාලික් අලි-අල් කහ්ටනී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS