ෂාරුක් ඛාන් බලන්න ඇවිල්ලා



කුවේට්යට ප්‍රදර්ශනය කරන “සීරෝ’’ නැමති චිත්‍රපටයේ සමාරම්භ උත්සවය සඳහා බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් කුවේටයට පැමිණ ඇති බව වාර්තා වේ.

චිත්‍රපයට ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට විශාල රසික ජනතාවක් පැමිණ සිටි අතර නගරයේ අධික රථවාහන තදබදයක් පැවති බව වාර්තා වේ.

ගල්ෆ් රටවල්වල සංචාරය කරන අතර කු‍වේටයෙන් පසුෂාරුක් ඛාන් ඕමානය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ෂාරුක් ඛාන්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාල වෙබ් අඩිවලට එක්කිරීමට බොහෝ පිරිසක් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS