ශරීර කොටස් විකිණීමේ ජාවාරමක්



ඊජිප්තුවේ ශරීර කොටස් විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් තිස් හත් දෙනෙක් (37) සිරගතකරන ලෙස ඊජිප්තු අපරාධ අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් හතලිස් එක් දෙනෙක් (41) අධිකරණයට ඉදිරිපත් කර තිබු අතරතිදෙනෙක් නිදහස් කරන ලෙස අපරාධ අධිකරණය නියෝග කර ඇත.

ලියාපදිංචි කළ සහ නොකළ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා2016 වර්ෂයේදි දියත් කරන ලද හදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 41දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර  අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ  තැරැව්කරුවන් සිටින බව වාර්තා වේ.

ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වු පුද්ගලයන් හයදෙනෙක්ට වසර 15ක සිරදඩුවමක් සහ ඊජිප්තු පවුම්500,000ක දඩමුදලක්ද, එකොළොස් දෙනෙක්ට වසර 7ක සිරදඩුවමක් සහ ඊජිප්තු පවුම් 300,000ක දඩමුදලක්ද, විසිදෙනෙක්ට වසර 3ක සිරදඩුවමක් සහ ඊජිප්තු පවුම්200,000ක දඩමුදලක් අපරාධ අධිකරණය නියම කර ඇත.

නඩු විභාගය අවසන් වීමට පෙර එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට දැණුම් දී ඇත.

උතුරු අප්‍රිකානු අරාබි රටවල්වල ශරීර කොටස් විකිණීම තහනම් වන අතර එම රටවල්වල පවතින අධික දරිද්‍රතාවය හේතුවෙන් ශරීර කොටස් නීතිවිරෝධි ආකාරයෙන් විදේශිකයන්ට විකුණන බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS