විශාල උමඟක් විනාශ කරයි



ගසා නගරයේ සිට ඊශ්‍රායලය සහ ඊජිප්තුව දෙසට දිවයන ආකාරයෙන් හමාස් සංවිධානය සකස් කරන ලද විශාල උමඟක් ප්‍රහාරක ජෙට් යානා යොදගනිමින් විනාශ කර දැමු බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශ කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඊජිප්තු සහ ඊශ්‍රායලය දේශසිමාවට ආසන්නව දකුණු දෙසින් පිහිටි රෆාහ් නගරයට ඊශ්‍රායල ප්‍රහාරක ගුවන්යානාප්‍රහාරයන් එල්ල කරන ආකාරය ගම්වාසීන් දැක ඇති අතර වැඩි විස්තරයක් ප්‍රකාශ කිරීමට ඔවුන් මැලිකමක් දැක් වු බව වාර්තා වේ.  

“අපි දැනගත්තා ත්‍රස්තවාදීන්ගේ උමඟක් කියලා, එවැනි උමං ත්‍රස්තවාදීන් ප්‍රහාරයන් එල්ල කිරීමටත් ආරක්ෂා වීමටත් යොදාගන්නවා, ප්‍රහාරයන් එල්ල කර විනාශ කර දැමීමට කටයුතු කළා’’ යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.                 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS