විලියම් කුමරු ඊශ්‍රායල-පලස්තීන සංචාරයක



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින නියෝජනය කරමින්, විලියම් කුමරු ලබන ජූනි මාසයේ, ඊශ්‍රායලයේත් පලස්තීනයේත් සංචාරය කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කළේය.

විලියම් කුමරු යනු බ්‍රිතාන්‍ය කිරීටයට හිමිකම් කියන දෙවැනියාය. ලබන ජූනි 24 වැනිදා ඔහු මැදපෙරදිග සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය. විලියම් කුමරුන්ගේ එම මැදපෙරදිග සංචාරය ආරම්භ වනු ඇත්තේ ජෝර්දානයෙනි.

ජෝර්දාන සංචාරයෙන් පසු, විලියම් කුමරු ජෙරුසලම, ටෙල් අවීව්, රාමල්ලා සහ බටහිර ඉවුරේ සංචාරය කරනු ඇත. ඒ අනුව, බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින්, රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ඊශ්‍රායලයේත් පලස්තීනයේත් සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය වනු ඇත. විලියම් කුමරු පිළිගැනීමට තමන් බොහොම ආසාවෙන් බලා සිටින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS