විරෝධි ක්‍රියා කළ 47 අල්ලයි



ඕමානයේ තුල සමාජ විරෝධි ක්‍රියාවලට සම්බන්ධ වු විදේශීකයන් හතළිස් හත්දෙනෙක් (47) අත්අඩංගුවට ගත් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

අල්-සීබ් පලාතේ සිදුකරන ලද හදිසි මෙහෙයුම්වලින් විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)            


RECOMMEND POSTS