වසර අටකට පසු ලියුම් ලැබිලා



ඊශ්‍රායලයේ බලපෑම් හේතුවෙන් ජෝර්දානයේ ගොඩගැසුනු ටොන් 10 ක ලියුම්, පාර්සල් පමණක් නොව අන්තර් ජාල ඇනවුම් ආදිය වසර අටකට පසු පලස්තීන තැපැල් නිලධාරීන් අතට පත් විය.

ටොන් 10 ක ප්‍රමාණයෙන් යුත් මෙම ලිපි, පාර්සල් සහ අන්තර් ජාල ඇනවුම් ජෝර්දානයේ ගොඩගැසී ඇත්තේ 2010 වසරේ සිටය.

මේවා පලස්තීනයට අයත් පබටහිර ඉවුරේ ජෙරිකෝ නගර වැසියන්ගේ ලිපි සහ පාර්සල්ය. අන්තර් ජාලයෙන් ඇනවුම් කළ භාණ්ඩ අතරේ රෝද පුටුවක් ද ඇති බව පැවැසෙයි.

බටහිර ඉවුරට පිවිසුම ඇත්තේ ජෝර්දානය හරහාය. එම පිවිසුම පාලය කරන්නේ ඊශ්‍රායලයයි. ලිපි, පාර්සල් සහ අන්තර්ජාල ඇනවුම් ජෝර්දානයේ රඳවා තැබීමට ඊශ්‍රායලය උපදෙස් ලබා දී ඇත්තේ ඒවා ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS