වසංගතයට ශක්තිමත්ව මුහුණ දෙනවා



කොරෝනා වසංගතයට ශක්තිමත් ස්ථානයක සිට සෞදි අරාබිය මුහුණ දී ඇති බව සෞදි මුදල් හා වැඩබලන ආර්ථික හා සැලසුම් අමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්ලා අල්-ජඩාන් පවසනවා.

කොරෝනා වසංගතයේදි මූල්‍ය උපායමාර්ගික පියවරයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළීබඳව අල්-අරාබියා රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

2020 වර්ෂය ආරම්භයේ දී කොරෝනා වසංගතය මතු වූ බවත්, එය විශාල සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ඇති කර තිබෙන බවත්, සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සම්පත් ඉක්මන් සැපයීමට හැකි වී තිබෙන බව වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS