වයිරසයට ඉරානයේ 50 ක් බිලි ?



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට ඉරානයේ 50 දෙනකු බිලි වී ඇතැයි එරට ඇතැම් පුවත් සේවා වාර්තා කරයි.

කෙසේ නමුත් ඉරාන රජය තරයේ පවසා ඇත්තේ මියගොස් ඇත්තේ වයිරස ආසාදිතයන් 12 ක් පමණක් බවය. ඉරානය, එරට වයිරස මරණ සැඟවීමට උත්සාහ ගන්නා බවට ද චෝදනා එල්ල වෙමින් පවතී.

ඉරානයේ කොරෝනා මරණ සංඛ්‍යාව 50 ක් නම්, චීනයෙන් පිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වනු ඇත්තේ ඉරානයයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS