ලෙන් ආශ්‍රිත සංචාරක වැඩසටහනක්



ආර්ථික විවිධාංගීකරණ සංචාරක වැඩසටහනයටතේ නව සැලැස්මකට අනුව ඕමානයේ පිහිටා ඇති ස්භාවික ගල්ගුහාවන්කෙරෙහි වැඩි අවධානයක් ඉදිරි කාලයේදි යොමු කිරීමට ඕමාන සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එතුලින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩි අවස්ථාවන් උදා කර ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

දොෆා හි සහෝර්, කුරියට් හි මජ්පිස් අල්-ජින් ගල් සහ ඉබ්‍රා හි අල්-කිටන් යන ගල්ගුහාවන් ප්‍රධාන තැනක් ගනියි.

විවිධ ප්‍රදේශ වල පවතින ස්භාවික සම්පත් යොදා ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විවිධ පියවරයන් ගනිමින් සිටින අතර නවීන තාක්ෂණය යොදා ගනිමින් ගල්ගුහාවන් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා ආකාරයෙන් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් 15ක් පමණ දියත් කර ඇති අතර ස්වාභාවික පරිසරය තුල කරනු ලබන ත්‍රාසජනක ක්‍රියාකාරකම් ප්‍රධාන තැනක් ගනියි.

පෞද්ගලික අංශයේ ආයෝජකයින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යොමු කරවා ගැනීමත්‍රාසජනක ක්‍රියාකාරකම් වල ප්‍රධාන අරමුණ වී ඇත.

“නව සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කිරීම තුලින් නව ආයෝජකයින් දිරිමත් වෙනවා, එතුලින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා හොඳ පසුබිමක් නිර්මාණය වෙයි කියලා අපේක්ෂා කරනවා’’ සංචාරක අමාත්‍යාංශයේ සංචාරක නිෂ්පාදන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ, ඩාවුඩ් අල් රෂීඩ් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS